Pages

Subscribe:

Ads 468x60px

හය හැවිරිදි දරුවාගේ ඇස්‌ උගුල්ලා ගත් චීන හොරු

චීනයේ අතිශය දරුණු ශරීර අවයව හොරකම් සිදුව තිබේ. එය සිදුව ඇත්තේ උතුරු දිග ශැන්ෂි ප්‍රාන්තයේ ශැන්ෂි ප්‍රදේශයේය.

ශැන්ෂි ප්‍රදේශයේ හය හැවිරිදි දරුවකු නිවසින් අතුරුහන් වී පැය තුනකට පසු හමුවන විට ඔහුගේ මුහුණ සම්පූර්ණයෙන්ම ලේ වලින් වැසී තිබිණි. මේ දරුවාගේ ඇස්‌ දෙකම සම්පූර්ණයෙන් ගලවාගෙන ගොස්‌ ඇත. මේ හය හැවිරිදි දරුවා පැහැරගත් අපරාධකරුවෝ ඔහු සිහිනැති කර පසුව ඇස්‌ දෙකම උගුල්ලා මේ අසරණයා මහ මග දමා පලා ගොස්‌ ඇත.

චීන රාජ්‍ය මාධ්‍ය මගින් මේ දරුවා ප්‍රතිකාර ලබන අයුරුත් ඔහුගේ ඥතීන් ශෝකයෙන් මේ රෝගියා අසල සිටින අයුරුත් ප්‍රචාරයකර තිබිණි.

මේ දරුවාගේ ඇස්‌ උගුල්ලාගෙන ගිය අපරාධකරුවන් ගැන තොරතුරක්‌ ලබා දෙන්නකුට යුවාන් ලක්‌ෂයක්‌ ලබාදෙන බව චීන පොලිසිය නිවේදනය කර ඇත. මෙය ඉතාම දරුණු අපරාධයක්‌ බව චීන වැසියෝ පවසති.

චීනයේ ශරීර අවයව වෙළෙඳාම රහසිගතව ඉතා ජයට සිදු වේ. චීන රතුකුරුස සංවිධානයද මේ හොර ජවාරමට සම්බන්ධ බවට චෝදනා එල්ල වූද ඔවුහු එය ප්‍රතික්‍ෂේප කළහ.

මීට පෙර 18 හැවිරිදි තරුණයකු සිය වකුගඩුව විකුණා තිබුණේ සූදු කෙළීමට ගොස්‌ ණය වීම නිසාය. මේ අපරාධකාරි ව්‍යාපාරය තරුණයන්ගේ දරුවන්ගේ ශරීර අවයවවලට ඇති ඉල්ලුම බෙහෙවින් ඉහළය. එම නිසා සය හැවිරිදි දරුවාගේ ඇස්‌ දෙක නැතිවිය.

මේ අතර ඇස් උගුල්ලා දමා සිටියදී හමුවූ මෙම සයහැවිරිදි ‘ගුවෝ බින්’ නමැති දරුවා හට එම අපරාධය සිදුකරන ලද්දේ ඔහුගේ මියගිය නැන්දණිය විසින් බවට ‍පොලීසිය සැකකොට සිටියි.

‘ෂැන් හුයියින්ග්’ නමැති එම තැනැත්තිය දරුවා හා සම්බන්ධ සිදුවීමෙන් සය දිනකට පසුව ළිඳකට පැන සියදිවි නසාගෙන ඇති අතර ඇය හැඳ සිටි ඇඳුම්වල තිබි අතවරයට ලක්වූ ගුවෝ බින්ගේ රුධිරය හමුව ඇති බව පොලීසිය කියා සිටියි. 

පසුගිය අගෝස්තු 24 දා දෑසම අහිමි වූ ගුවෝ බින් දරුවාගේ ලෙයින් තෙමී ගිය සිරුර ඔහුගේ දෙමාපියන් විසින් සොයාගනු ලැබූ අතර මේ වන විට ඔහු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවෙයි. 

සදාකාලික අන්ධභාවයට පත්ව සිටින කුඩා දරුවාට ඉලෙක්ටේ‍රා්නික දෑස් යුගලක් ලබාදීමට හොංකොං අක්ෂි විශේෂඥයන් පිරිසක් ඉදිරිපත්ව ඇති බව කියැවේ.

0 comments:

Post a Comment