Pages

Subscribe:

Ads 468x60px

භාග්‍යාගේ පෙම්වතා ක්‍රිකට් ක්‍රීඩක යෙක් කියන කතාව ඇත්තද

නව පරපුරේ ජනප්‍රිය නිළි ලැයිස්තුවේ භාග්‍යා හෙට්ටිආරච්චිට හිමිවන්නේ සුවිශේෂ තැනක්. අද වන විට ඇය ටෙලි නාට්‍ය රැසකට දායක වී සිටිනවා. 

නිළියක් විදියට දිගු ගමනකට සැරසී සිටින මේ යුවතියගේ ජීවිතයේ සුවිශේෂ පුවතක් පසුගියදාක අපට අහන්නට ලැබුණා. 

ඒ සුවිශේෂ පුවතට සම්බන්ධ කෙනා මේ රටේ ඉන්න සුවිශේෂ කෙනෙක්. 

ඔහු ගැන ලැබුණු මේ ආරංචිය ගැන දැනගන්නයි, භාග්‍යාගේ කලා ජීවිතේ නවතම තොරතුරු දැන ගන්නයි අපි ඇයට කතා කළා ඇයත් සමඟ කල කතාබහක් පහතින්.

ඉතින් කොහොමද භාග්‍යා මොනවද අලුත් තොරතුරු?
සතුටින් ගෙවිලා යනවා.


ඇයි ඔච්චර සතුටක්?
මම කොහොමත් සතුටින් තමයි ඉන්නේ.


මේ දවස්වල වෙනදාටත් වඩා සතුටින් නේද ඉන්නේ?
(හිනැහී) සමහර විට එහෙම වෙන්න ඇති.


ඇයි ඒ?
මේ දවස්වල මම රඟපාන ටෙලි නාට්‍ය කීපයක්ම විකාශය වනවා. අලුත් නිර්මාණවලත් ඉන්නවා.


නිළියක් විදියට කාර්යබහුල වූ පමණින් දක්ෂ නිළියක් වෙන්න පුළුවන්ද?
දක්ෂ නිළියක් වෙන්න නම් ගැඹුරක් ඇති චරිත සාර්ථකව රඟපාන්න ඕනා. අපිට ලැබෙන හැම නිර්මාණයක්ම ඒ වගේ ඒවා නමෛයි. නමුත් ලැබෙන චරිත වඩා හොඳින් කරද්දී මම අර කිව්ව විදියේ නිර්මණවලටත් අවස්ථාව ලැබෙන්න පුළුවනි.


භාග්‍යාගෙ අරමුණ දක්ෂ නිළියක් වීමද? ජනප්‍රිය නිළියක් වීමද?
දක්ෂ නිළියක් වීම.


භාග්‍යාට යම් පරමාදර්ශී නිළියක් ඉන්නවාද?
අපේ පරම්පරාවේ වගේම අපටත් වඩා ප්‍රවීණ අයගේ දක්ෂතා මම අගය කරනවා. ඒ තුළින් ගන්න පුළුවන් දේ ලබාගන්නවා. ඔය අතරේ මම කැමති අයත් ඉන්නවා. ජයනි සේනානායකට ගොඩක් කැමතියි. මම පරමාදර්ශයක් විදියට ගන්නවනම් ගන්නේ ජයනි අක්කාව.


ඇයි ඒ?
ඇය ඉතාමත් දක්ෂයි. රඟපාන කවර චරිතය වුණත් හරිම දක්ෂ විදියට කරනවා. ඒ වගේම පෞද්ගලිකව ගත්තත් ඇය හරිම හොඳයි. නව පරපුර එක්කත් ඉතාම සුහදශීලීයි. ඒ වගේම අපිට ආදර්ශමත් වන විදිහටයි දර්ශන තලයේදී ඉන්නේ.


භාග්‍යාට ක්‍ෂේත්‍රයේ ළඟින්ම ඉන්න හිතවත් අය ඉන්නවාද?
කිහිපදෙනෙක්ම ඉන්නවා. කුමාර තිරිමාදුර, විරාජ්, මැණිකේ අත්තනායක, හර්ෂණ, ධනුක, ජනිත්, ශලනි ඒ අතරින් කීපදෙනෙක්.


හතුරොත් ඉන්නවාද?
(හිනැහී) හතුරෝ නම් නැහැ.


ඒ වුණත් අද තරුණ පරපුරේ ඇතැම් නිළියන් ප්‍රසිද්ධියේ තම තමන්ගේ හිත් අමනාපකම් ගැන හෙළිදරව් කරනවා.
මම නම් එහෙම නැහැ. මම නම් කැමති ප්‍රශ්න ඇතිකර ගන්නේ නැතිව ඉන්න.


තමන්ගේ පාඩුවේ ඉන්න අයටත් බලෙන් ප්‍රශ්න දාන අය ඉන්නවා?
ඒකනම් ඇත්ත. අපි කොයිතරම් හොඳින් ඉන්න හැදුවත්. බලෙන් අපි එක්ක ගැටුම් ඇතිකරගන්න හදන, බලෙන් ප්‍රශ්න දාන අය ඉන්නවා.


ඒ වගේ හේතු හින්දා ගැටුම් ඇතිවෙනවනේ?

ඒ වගේ අවස්ථාවලදීත් මම කරන්නේ මගෑරල යන එක. හැබැයි ඒ වගේ පසුබිමක් වුණොත් අදාළ කෙනා එක්ක ආයේ හිතමිත්‍රකම් පවත්වන්නේ නම් නැහැ.

ඒක නමෛයි භාග්‍යා ගැන පුංචි ආරංචියක් අපිට ලැබුණා?
මොකක්ද?


මේ කතාබහ ආරම්භයේදී කිව්ව වගේ භාග්‍යා මේ දවස්වල ගොඩක් සතුටින් ඉන්නවා කියලා ආරංචියි....
ඔව්... ඉතින් මම කිව්වෙ මම සතුටින් ඉන්න හේතුව.


අපිට නම් ආරංචි වෙන දෙයක්...?
මොකක්ද?


භාග්‍යාට ආදරවන්තයෙක් ලැබිල කියලා තමයි ආරංචි...
(හිනැහී) කලා ලෝකයේ ඔයවගේ කටකතා පැතිරෙනවනේ....


මේක කලා ලෝකය ගැන නමෛයි ක්‍රිකට් ලෝකය ගැන ආරංචියක්...
(හිනැහී) ඔය ප්‍රශ්නෙට මම මුකුත්ම කියන්නෙ නැහැ.


හරි මම කෙළින්ම අහන්නම්. භාග්‍යායට පෙම්වතෙක් ඉන්නවලු. එයා මේ රටේ ඉතා ජනප්‍රිය ක්‍රිකට් තරුවක්ලු?
(හිනැහී) මම දැනට ඔය ගැන මුකුත් කියන්නෙ නැහැ.


ඒ කියන්නේ ඉදිරියේදී දිනයක දෙන්නා ඡායාරූපයකටත් පෙනී සිටිවී...
(හිනැහී) ඒ අනාගතේ දවසකනේ...

1 comments:

Anonymous said...

oyatath kaagehari oopadupayak tiyanawanam kanna oneth na.
apiwath narak karanawa.

Post a Comment