Pages

Subscribe:

Ads 468x60px

සිංහල උගන්වනවා යයි කියමින් සිසුවෙකුට ලිංගික අපයෝජනය කළ හිමිනම

බාල වයස්කාර පාසල් සිසුවෙකුට බරපතළ ලිංගික අපයෝජනයකට ලක්කළ චීවර ධාරියකු මැදවච්චිය පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇති පුවතක් අප වෙත වාර්තා වෙනවා.

වවුනියාව නගරයට පුවත් පතක් මිලදී ගැනීමට පැමිණි මෙම සිසුවාට සිංහල භාෂාව ඉගැන්වීමට හැකි යැයි පවසමින් සැකකාර චීවරධාරියා බලහත් කාරයෙන් තී‍්‍රරෝද රථයට නංවාගෙන තිබෙනවා.

 මැදවච්චිය තාවක්කුලම් ප‍්‍රදේශයේ පිහිටි විහාරස්ථානයකට රැගෙන විත් අපයෝජනය කර ඇතැයි පොලීසිය පවසනවා. අපයෝජනය කිරීමෙන් පසු දරුවාට විහාරස්ථානයේ සේවයේ නියුතු සිවිල් ආරක්ෂක සෙබලෙකුට බස් රථයකට ඇරලවන ලෙස දන්වා පිටත් කර යවා තිබෙනවා.

සිසුවා සිංහල භාෂාව කතා කිරීමට නොදන්නා අයෙකු වන අතර සිවිල් ආරක්ෂක බලකා සෙබලා දෙමළ භාෂාව මදක් දැනගෙන සිටි ඇති අතර විහාරස්ථානයට පැමිණියේ කුමන හේතුවකට දැයි විමසා තිබෙනවා

එහිදී සිසුවා පවසා ඇත්තේ චීවරධාරියා විසින් තමන්ට අපයෝජනයක් කළ බවයි.

ඒ අනුව සෙබලා මේ පිළිබදව විහාරස්ථ දායක සභාවට දන්වා තිබෙනවා. දායක සභාවේ සිටින පුද්ගලයෙකු ප‍්‍රදේශයේ දමිළ භාෂාව දන්නා පුද්ගලයෙකු ගෙන්වා සිසුවාට සිදුවූ දෙය විමසා තිබෙනවා.

එහිදී චීවරධාරියා සිදු කළ සියලූ දේ සිසුවා ඔවුන්ට පවසා ඇති අතර ඒ අනුව ප‍්‍රදේශවාසීන් මේ බව මැදවච්චිය පොලීසියට දන්වා තිබෙනවා.

0 comments:

Post a Comment