Pages

Subscribe:

Ads 468x60px

ශිෂ්‍යත්වය සමත් නැතැයි පියා සිය පුතු ඊයම් කුරකින් පුච්චලා

ශිෂ්‍යත්ව විභාගය ඉහළින් සමත් නොවූයේ යැයි වියරු වූ පියකු ඊයම් කූරක් රත්කර තම පුතු පුළුස්සා අමානුෂික දඬුවමක් ලබාදීමේ පුවතක් බගවන්තලාව පොලිසියෙන් වාර්තා වෙනවා. මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිට ලකුණු 92ක් ලබාගත් වගවන්තලාව දෙමළ විද්‍යාලයේ කමල් රාජ් ශිව දර්ශන් සිසුවා සිද්ධියෙන් පසු ප්‍රතිකාර සඳහා බගවන්තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කැර තිබෙනවා.

ඉකුත් 04 දා රාත්‍රියේ බීමත්ව පැමිණි පියා පුතුට බැණ වැදී තොට උගන්නලා වැඩක් නැතැයි කියමින් යකඩ කූරක් ගෙන එය ළිපට අල්ලා රත්කර දරුවාගේ මුහුණත් පාදත් පුළුස්සා තිබෙන බව පොලිස් පරික්ෂණ මගින් අනාවරණය වී
තිබෙනවා.

මවගේ විරෝධයද නොතකා ඇයටද තරවටු කැරමින් පියා විසින් කළ මේ අමානුෂික ක්‍රියාව ඉවසාගත නොහැකිව තැබූ විලාපය ඇසී අසල්වාසීන් එක්ව සිද්ධිය පොලිසියට දැනුම් දී දරුවා රෝහල්ගත කිරීමට පියවර ගෙන
තිබෙනවා.

බගවන්තලාව වත්තේ වතුකම්කරුවකු වන පියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන හැටන් වැඩබලන මහේස්ත්‍රාත් දමයන්ති ප්‍රනාන්දු මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 08දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර
තිබෙනවා. වගවන්තලාව පොලිසියේ පොලිස් පරීක්ෂක සරත් සමරවික්‍රම මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්වෙයි.

0 comments:

Post a Comment