Pages

Subscribe:

Ads 468x60px

ශිෂ්‍යත්වය අසමත් දැරිය දෙපැයක් බලු කූඩුවේ

තමන් උගන්වන පාසලට මුහුණ දීමට නොහැකි බව පවසමින් පෞද්ගලික පාසලක ගුරුවරියක් ශිෂ්‍යත්ව විභාගයෙන් අසමත් වූ තම දියණිය දෙපැයක පමණ කාලයක් නිවෙසේ බලු කූඩුවට දැමූ පුවතක් කිරිබත්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

කිරිබත්ගොඩ ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන එම දැරිය ශිෂ්‍යත්ව විභාගයෙන් අඩු ලකුණු ලබා ගැනීම නිසා ගුරුවරියක වූ තම මව තමන් බලු කූඩුවට දැමූ බව දැරිය සම වයසේ පාසල් මිතුරියන්ට පවසා තිබෙනවා.


දැරියගේ මිතුරු සිසුවියන් තම නිවෙස් වලට ගොස් මෙම සිද්ධිය ඔවුන්ගේ මවුපියන්ට පැවැසීමෙන් පසු මේ බව හෙළිවී
තිබෙනවා. දියණිය ශිෂ්‍යත්වයෙන් අසමත් වීම නිසා ඊට උරණ වී අදාළ ගුරුවරිය මෙසේ තම දියණියට දඬුවම් කර ඇතැයි අනාවරණය වෙනවා.

0 comments:

Post a Comment