Pages

Subscribe:

Ads 468x60px

ටඡ්මහලට පස්ස පෙන්නූ රූ රැජින අමාරුවේ

සුප්‍රකට ටඡ්මහල් මන්දිරය ඉදිරියේ සිය සපත්තු මාරුකිරීම සම්බන්ධයෙන් ලෝක රූ රැඡණ ඔලිවියා කල්පෝට එරෙහිව නඩුවක්‌ ගොනු කිරීමට පුරා විද්‍යා බලධාරීහු තීරණය කර ඇති පුවතක් අප වෙත වාර්තා වෙනවා.

වාර්තා වන පරිදි ටඡ් මහල් මැඳුර ඉදිරියේ ප්‍රචාරක කටයුතු සිදු කිරීම ඉන්දීය අධිකරණය විසින් තහනම් කර තිබෙන අතර ඔලිවියා ටඡ්මහල් මැඳුර ඉදිරියේ සිය පාවහන් මාරුකරන අයුරු ඡායාරූප ශිල්පීහු ඡායාරූපගත කර ඇති බව පැවසෙනවා.


එසේම අදාල නිරූපිකාව සිය සපත්තු පැලැදීමේදී ටජ්මහල් මන්දිරයට පිටුපස හැරවූ බවටද චෝදනාවක් එල්ලවී තිබෙනවා. ඔලිවියා දින 10 ක්‌ පුරා ඉන්දියාවේ සංචාරයක නිරත වී සිටිනවා.


මේ අතර, රූ රැජින සිය පාවහන් මාරු කරන අවස්‌ථාවේ සංචාරක පොලිසිය ඒ ගැන පියවරක්‌ ගෙන නොතිබීම සම්බන්ධයෙන්ද චෝදනා එල්ලවී
තිබෙන බව විදෙස් වාර්තාවල දැක්වෙනවා.

1 comments:

Anonymous said...

හු** මුන් මේකට වදින්නේ උන්ගේ කෙරුවාව පෙන්නන්න වෙන්න ඇති.

http://www.zoom.lk/forums/archive/index.php/t-2592.html

මෙන්න මේකත් කියෙව්වනම් වටිනවා

Post a Comment