Pages

Subscribe:

Ads 468x60px

සැලොන් එකක තව මරණයක්‌ - ගියේ රැවුල බෑමට

මියගිය පුද්ගලයා පොල්ගස්‌ඕවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු තෙලවල ප්‍රදේශයේ පදිංචි සිය දෙමාපියන් බැලීම සඳහා පැමිණ නිවස අසල පිහිටි බාබර් සාප්පුවට දහවල් 1.30 ට පමණ ගොස්‌ සිටියදී වෙඩි ප්‍රහාරයට ලක්‌ව ඇත.

මෙම පුද්ගලයාට වෙඩි තැබීම සඳහා යතුරුපැදියකින් පැමිණ ඇති දෙදෙනකු සැලුන් එක තුළට ගොස්‌ "උඹ චණ්‌ඩියෙක්‌ද" කියා ප්‍රශ්න කොට වෙඩි තැබීම සිදුකර ඇතැයි පොලිසිය කළ මූලික විමර්ශනයේදී හෙළිකරගෙන තිබේ.

වෙඩි ප්‍රහාරයට ලක්‌ව මියගිය පුද්ගලයා සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී ඔහු කිසිදු සිද්ධියකට සම්බන්ධ වූවකු බවට ඊයේ (17 වැනිදා) සවස්‌ වන විටත් තහවුරු වී නොතිබූ අතර මෙය පුද්ගලයා වැරදි

විදියට වටහාගෙන සිදු වූ ඝාතනයක්‌ බවට පොලිසිය සැක කරයි.

ශිෂ්‍යයාටත් වෙඩි තබලා

මේ අතර වැල්ලම්පිටිය සිංහපුර ප්‍රදේශයේ පදිංචි රන්දුල දුලාඡ් මධුසංඛ නමැති දහසය හැවිරිදි පාසල් ශිෂ්‍යයකුට ද ඊයේ (17 වැනිදා) සවස 2.00 ට පමණ ටී. 56 ගිනි අවියකින් වෙඩි තැබීම නිසා බරපතළ තුවාල ලබා ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.

වෙඩි ප්‍රහාරයට ලක්‌ වූ ශිෂ්‍යයා වියළි හාල්මැස්‌සන් මිලදී ගැනීම සඳහා කඩයකට යමින් සිටියදී වෙඩි ප්‍රහාරයට ලක්‌ව ඇත. ශිෂ්‍යයා රෝහල්ගත කිරීමෙන් පසු ශල්‍යකර්මයකට භාජන කළ බව රෝහල් ප්‍රකාශකයෙක්‌ පැවසීය.

වෙඩි ප්‍රහාරයට ලක්‌ වූ ශිෂ්‍යයාගේ සහෝදරයකු සහ තවත් පාර්ශ්වයක්‌ අතර කාලයක සිට පවතින ආරවුලක ප්‍රතිඵලයක්‌ ලෙස මෙම වෙඩි තැබීම සිදුව ඇතැයි පොලිසිය සැක කරයි. වෙඩි ප්‍රහාරයට ලක්‌ වූ ශිෂ්‍යයා සහ සහෝදරයා එක සමාන බැවින් මෙම වෙඩි තැබීම ද වැරදීමකින් සිදුවී ඇති බවට සැකකරන බව උසස්‌ පොලිස්‌ නිලධාරියෙක්‌ පැවසීය.

මෝටර් රථයකින් පැමිණි පුද්ගලයකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස්‌ ඇති බවට පොලිසියට තොරතුරු ලැබී තිබූ අතර වැල්ලම්පිටිය  පොලිස්‌ ස්‌ථානාධිපති සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබිණි.

0 comments:

Post a Comment