Pages

Subscribe:

Ads 468x60px

වාරියපොළ තරුණිය අද පොලිසියට කැඳවයි

වාරියපොළ ප්‍රධාන බස්‌ නැවතුම්පළේදී තරුණයකුට බැණවදිමින් ඔහුට දිගට හරහට කම්මුල් පහර එල්ල කිරීමේ සිද්ධියට සම්බන්ධ තරුණියගෙන් ප්‍රශ්න කිරීම සඳහා අද (27 වැනිදා) ඇයට වාරියපොළ පොලිසියට පැමිණෙන ලෙස දැනුම් දී ඇතැයි වාරියපොළ පොලිසිය පවසයි.

ප්‍රහාරයට ලක්‌ වූ තරුණයා වාරියපොළ පොලිසියට කළ පැමිණිල්ලක්‌ අනුව සිද්ධිය පිළිබඳව පරීක්‍ෂණ පැවැත්වීමට තරුණියට පොලිසියට

පැමිණෙන ලෙස දැනුම් දුන් බව වාරියපොළ පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පරීක්‍ෂක ප්‍රියන්ත සමරතුංග මහතා ප්‍රකාශ කළේය.

මෙම තරුණිය කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරතව සිටින්නියකි. මෙම තරුණයාට කම්මුල් ප්‍රහාර එල්ල කරන මොහොතේ සිද්ධිය වීඩියෝ ගත කළ පුද්ගලයා ද පොලිසියට අවශ්‍ය කරන බව පොලිසිය කියයි.


වාරියපොළදී තරුණියකගෙන් ගුටි කෑ ‘සෙල්වා’ කුරුණෑගල රෝහලට මාරු කරලා 

වාරියපොළ නගර මධ්‍යයේදී තරුණියක විසින් පහරදුන් සෙල්වා නමැත්තා වාරියපොළ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කුරුණෑගල රෝහලට මාරු කර යවා තිබේ.

කනේ ආබාධයක් ඇතිවීමෙන් මෙම පුද්ගලයා රෝහල්ගත වී ඇත්තේ පහරදීමේ සිදුවීම වී දින ගණනාවකට පසුවයි.

මෙම පහරදීමේ සිද්ධිය ඇතුළත් ආන්දෝලනාත්මක වීඩියෝව පසුගිය දිනකිහිපය පුරා සමාජ ජාලවල හා අන්තර්ජාලයේ පුවත් මවන්නක් බවට පත්විය.

0 comments:

Post a Comment