Pages

Subscribe:

Ads 468x60px

රට ගොස් මොඩ් වූ කත ගේ දියණියට ත්‍රීවීල් මිතුරා හදි කරලා

බළන්ගොඩ නගරාසන්න ප්‍රදේශයේ කාන්තාවක් මීට වසර දෙකහමාරකට පමණ පෙර විදේශ ගෘහ සේවිකා රැකියාවකට ගියාය. ඒ අතරේ තම දරුවන් තිදෙනා තම මව සහ සැමියාගේ රැකවරණය යටතේ සිටියාය. 

මීට මාස කීපයකට පෙර මෙම කාන්තාව මෙරටට ආපසු පැමිණියේ ඇඳුම් පැලඳුම් පමණක් නොව ගති පැවතුම්, ගමන බිමන පවා වෙනස් කර ගනිමිනි. මෙම කාන්තාවගේ සැමියා පසුගිය කාලය තුළ මහත් බලා‍පොරොත්තු තබාගෙන බිරිඳ එනතුරු දරුවන් තිදෙනා ද රැක බලා ගත්තේය. 

නමුත් රට ගොස් පැමිණි බිරිඳට සිය සැමියා නුරුස්සන නිසාම විටින් විට ගැටුම් ඇතිවී කෙසේ හෝ සැමියා අතහැර දරුවන් තිදෙනාද කැටුව නිවසක් කුලියට ගෙන කාන්තාව අලුත් ජීවිතයක් ආරම්භ කළාය. 

සැමියා ඉතා අහිංසකය. මොහු මැයගේ මුදල් පසුපස හඹා නොගිය අතර හැකි අයුරින් තම දිවිපවෛත ගත කළේය. මේ අතර දරුවන් තිදෙනා පාසල වෙත රැගෙන යාමට ත්‍රිරෝද රථයකට භාර කළාය.

එම තිරෝද රථ රියැදුරා කාන්තාවගේ එකම පංතියේ සිටි හඳුනන අයකු නිසා සැකයක් බියක් නොමැතිව අවුරුදු 13ක් වූ ගැහැනු දරුවා ද මේ සමග යැව්වාය. පසුගියදා මෙම ත්‍රිරෝද රථ රියැදුරා මෙම පාසල් දැරිය නිවාඩු

නිකේතනයකට රැගෙන ගොස් අතවරයට ලක් කළේය. 

කාන්තාවගේ සම වයසේ පසුවන මෙම පාසල් මිතුරා වූ ත්‍රිරෝද රථ රියැදුරාට විරුද්ධව කාන්තාව විසින් බළන්ගොඩ ‍පොලිසියේ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් පසුව සිදුකළ පරීක්ෂණවලදී ඉහත කතා පුවත හෙළිදරව්වී තිබේ. 

දරුවන් පාසලට රැගෙන යාම ඒම වෙනුවෙන් මාසිකව රුපියල් 8000 ලබාගෙන විවාහක ත්‍රිරෝද රථ රියැදුරා සිදුකළ අපරාධය වුයේ තම දියණියකට සමාන දැරියගේ ජීවිතය කාලකණ්ණි කිරීමයි. මෙම සැකකරු ‍පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. දැරිය පරිවාස අධීක්ෂණය යටතේ යළි මවට භාර දී තිබේ.

0 comments:

Post a Comment