Pages

Subscribe:

Ads 468x60px

සිසුවියගේ යකඩ කූර සිසුවාගේ මුත්‍රාශය ආසන්නයටම

පාසැල් සිසුවියක් විසින් පුටුවක් මත තැබූ යකඩ කූරක් සිසුවාගේ මුත්‍රාශය ආසන්නයටම ගමන් කර ඇති පුවතක් වාර්තාවේ. 

නිට්ටඹුවේ පාසලක සිසුවියක විසින් පුටුවක් මත සිරස් අතට තැබුණු බව කියන යකඩ කූරක්  සිසුවකුගේ  කලවා ප්‍රදේශයේ ඇනී ඇත.

යකඩ කූර සමඟ සිසුවා වතුපිටිවල රෝහලට රැගෙන ගිය අතර එම යකඩ කූර ඉවත් කීරීමට වෛද්‍ය වරුන්ට මහත් වෙහෙසක් දරන්නට සිදුවිය. අගල් හයක් පමණ මුත්‍රාශය ආසන්නයටම යකඩ කූර ඇතුළු වී තිබු බවත්
වෛද්‍යවරු කියති.

මෙලෙස අනතුරට ලක්වී ඇත්තේ රන්පොකුණුගම මහා විද්‍යාලයේ 13 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකි. මේ වනවිට රෝහලේ 7 වන වාට්ටුවේ ප‍්‍රතිකාර ලබන එම සිසුවාගේ තත්ත්වය බරපතල නොවන බවත් එම පාසලේ ශිෂ්‍යාවක් විසින් මෙම සිසුවා අසුන් ගැනීමට සූදානම් වන අවස්ථාවේ පුටුව මත යකඩ කූරක් තබා ඇති අතර සිසුවා එය නොදැන පුටුවේ වාඩිවීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට පොලීසිය සැකකරයි. සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාසලේ විදුහල්පතිනිය පැවසුවේ මෙය විහිළුවකට කළ දෙයක් බවයි.


0 comments:

Post a Comment