Pages

Subscribe:

Ads 468x60px

නිවස සොරුන් බින්ද නිසා අසරණ වු හරූන් ලන්ත්‍රාට ජනපතිගෙන් රුපි: ලක්ෂයක්


අපේ රටේ කා අතරත් ජනප්‍රිය ගීත ගයනා කරමින් රසික සිත් අමන්දා නන්දයට පත්කල ගායන ශිල්පී හරුන් ලන්ත‍්‍රා මහතාගේ නිවසට හොරු පැන එහි තිබූ රුපියල් 70,000ක මුදලක් සොරාගෙන ඇති පුවත අප පසුගිය දිනෙක වාර්තා කලෙමු.

හරුන් ලන්ත‍්‍රා සහ ඔහුගේ බිරිය වාසය කළ කැලණිය පොල්හේන ජාතික නිවාස සංකීර්ණයේ නිවසට ඇතුලු වූ සොරුන් එහි අල්මාරියෙන්

රුපියල් 70,000ක මුදලක් රැගෙන ගොස් ඇති අතර එයින් ඔවුන් ඉතා අසරණ තත්වයට පත්ව තිබුණා.

මේ පිළිබඳව පොලීසියද දැනුවත් කර ඇති අතර තවමත් සොරුන් පිළිබඳ ව හෝඩුවාවක් සොයාගැනීමට නොහැකි වී ඇති බවයි වාර්තා වන්නේ.


අදාල සිදුවීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමාටද දැනගන්නට ලැබී ඇති අතර එතුමා විසින් සංස්කෘතික ඇමතිතුමා දැනුවත් කොට රෝගී තත්වයෙන් අසරණව සිටින හරූන් ලන්ත්‍රා මහතා හට රජය වෙනුවෙන් රුපියල් ලක්ෂයක මුදලක් පරිත්‍යාග කරන්නට කටයුතු කොට ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

හරුන් ලන්ත්‍රා අවසන් ගමනට එකතු කරපු රු.70,000ත් කොල්ලකාලා

0 comments:

Post a Comment