Pages

Subscribe:

Ads 468x60px

නයිට් රයිඩර් කතා මාලාවේ නයිට් රයිඩර් නික්ම යයි


සුප‍්‍රකට නයිට් රයිඩර් කතා මාලාවේ නිර්මාතෘ ග්ලේන් ලාර්සොන් අභවප‍්‍රාප්ත විය. නයිට් රයිඩර් කතා මාලාව 1982 සැප්තැම්බර් සිට 1986 අගෝස්තු දක්වා ඇමරිකාවේ විකාශය විය.

ලෝකයේ රටවල් ගණනාවක විකාශය වුණු නයිට් රයිඩර් ශ‍්‍රී ලංකාවේද ඉතා ඉහල පේ‍්‍රක්ෂක ආකර්ශනයක් දිනා ගත් කතා මාලාවකි. පිළිකා රෝගයෙන් පීඩා විඳි ඔහු පසුගිය සිකුරාදා රාති‍්‍රයේදී ලොස් ඇන්ජලීස්

නුවරදී මිය යන විට 77 වියේ පසු විය.

1937 වසරේ ජනවාරි 03 වැනි දින කැලිපෝනියාවේදී උපත ලද ග්ලේන්ගේ මව ස්වීඩන් කාන්තාවක් වන අතර පියා ඇමරිකන් හා ස්වීඩන් මිශ‍්‍ර ජාතිකයෙකි.

දෙවරක් විවාහ වුණු ග්ලේන් මිය යන විට වත්මන් බිරිඳ ජෙනී, සහෝදරයා සහ දරුවන් 9 දෙනාද ඔහු අසල සිටියහ.

0 comments:

Post a Comment