Pages

Subscribe:

Ads 468x60px

ගෙවී ගිය 2014 වසරේ මිහිරි අමිහිරි මතක සටහන්


ගෙවී ගිය 2014 වර්ෂයේ ශ්‍රී ලංකාව තුළ සිදු වූ මිහිරි සහ අමිහිරි සිදුවීම් ඇතුළුත් ආපසු හැරී බැලීමකි මේ.

ජනවාරි මස 06 වැනිදා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පලස්තීන රාජ්‍යයෙන් පිරිනමන ඉහලම සම්මානය වන  ‘‘පලස්තින තරුව’’ නමැති සම්මානයෙන් පිදුම් ලැබුවා.

බි‍්‍රතාන්‍ය ජාතිකයෙකු ඝාතනය කර ඔහුගේ පෙම්වතිය දුෂණය කළ බවට චෝදනා ලැබු තංගල්ල ප‍්‍රාදේශිය සභාවේ සභාපතිවරයා අත්අඩංගුවට

ගැනීමට වරෙන්තු නිකුත් කෙරුණේ මේ වසරේ ජනවාරි මස 10 වැනිදායි.

ශ‍්‍රී ලංකාවේ පස්වැනි ගෝල්ෆ් ක‍්‍රීඩාංගණය ජනවාරි මස 26 වැනිදා අනුරාධපුරයේදී විවෘත කෙරුණා.

ජනතා විමුක්ති පෙරමුණේ නව නායකයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරීපත්වුණේ පෙබරවාරි මස දෙවැනිදායි.

දුම්වැටි ඇසුරුම්වල රූපමය අවවාද සියයට 80ක් ඇතුලත් කිරීම සඳහා වු යෝජනාව පාර්ලිමේන්තුවේ දී සම්මත වුයේ පෙබරවාරි මස 19 වැනිදායි.

ශ‍්‍රී ලංකාවේ 14 වැනි ගුවන් හමුදාපතිවරයා ලෙස එයාර් මාර්ෂල් කෝලිත අරවින්ද ගුණතිලක මහතා පෙබරවාරි මස 28 වැනිදා වැඩභාරගත්තා.

වසර 30කට පසු යාල්දේවි දුම්රිය පලෙයි දුම්රියපලට ගමන් කළේ මාර්තු මස 04 වැනිදායි. කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කොටසක් වු කොට්ටාව සිට කඩුවෙල දක්වා වු අධීවේගී මාර්ගය මාර්තු මස 08 වැනිදා විවෘත කෙරුණා.

ශ‍්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කර තිබු යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වුයේ මාර්තු මස 27 වැනිදායි.

මාර්තු මස 29 වැනිදා දකුණ සහ බස්නාහිර පළාත් සභා මැතිවරණය පැවැත්වුණා. ඉන් එක්සත් ජනතා නිදහස් සන්‍ධානය ජයග‍්‍රහණය කළා.

බංග්ලාදේශයේ මීර්පූර් හී පැවති විස්සයි විස්ස ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ශ‍්‍රී ලංකාව සමත්වුයේ අපේ‍්‍රල් මස 06 වැනිදායි.

අරලගන්විල, අලූත්වැව ඉසෙඞ් ඞී ඇලට අත්ට‍්‍රැක්ටරයක් පෙරලීමෙන් පුද්ගලයින් දසදෙනෙකු මියගොස් 33 දෙනෙකු තුවාල ලැබුවේ අපේ‍්‍රල් මස 18 වැනිදායි.

කොළඹ සිට පලෙයි බලා ධාවනය වු දැයට කිරුළ සිඝ‍්‍රගාමී දුම්රිය පොතුහැර දී රජරට රැජිණ දුම්රියේ ගැටී 63 දෙනෙකු තුවාල ලැබුවා. ඒ අපේ‍්‍රල් මස 30 වැනිදායි.

දකුණු ආසියාවේ විශාලතම වැට් බදු මුදල් වංචා කළ දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය කොමසාරිස්වරයාට වසර 102ක සිරදඩුවමක් නිකුත් කෙරුණේ මේ වසරේ මැයි මස 08 වැනිදායි.

පෑලියගොඩ එක්සත් ජනතා නිදහස් සන්‍ධාන නාගරික මන්ත‍්‍රී ශ්‍යාමිල් සඳරුවන් මහතා ඉකුත් මැයි මස 12 වැනිදා වෙඩි තබා ඝාතනය කෙරුණා.

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් සම්පාදනය කරන ලද ‘‘රට ගත යුතු ඉදිරිමග ’’ නමැති ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය එළිදක්වනු ලැබුවේ ජුනි මස 03 වැනිදායි.

අලූත්ගම සහ බේරුවල යන ප‍්‍රදේශවල දෙපාර්ශ්වයක් අතර ඇතිවු ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවුණා. ඒ, ජුනි මස 15 වැනිදායි.

ජුනි මස 18 වැනිදා බේරුවල ප‍්‍රදේශයට ගිය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මුස්ලිම් ආගමික නායකයින් හමුවී ගැටළුව සම්බන්ධයෙන් සාකච්ඡුා කළා.

ඌව පළාත් සභාව මැතිවරණය සඳහා විසුරුවා හැරුණේ ජුලි මස 11 වැනිදායි. තංගල්ල ප‍්‍රාදේශිය සභාවේ සභාපතිවරයාට ඉකුත් ජුලි මස 18 වැනිදා බරපතල වැඩසහිත වසර 20ක සිරදඩුවමක් නියම කෙරුණා.

ඌව පළාත් සභා මැතිවරණයට තරග කිරීම සඳහා එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී හරීන් ප‍්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වුණේ අගෝස්තු මස 01 වැනිදායි.

රූපලාවන්‍යාගාරයක දී ප‍්‍රතිකාර ලබා ගැනීමට ගිය වෛද්‍යවරියන් අගෝස්තු 14 වැනිදා මිය ගියා.

දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ සිදුුවු රිය අනතුරකින් එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා බරපතල තුවාල ලැබුවා.

සමස්ත විදුලිබිලෙන් සියයට 25ක සහනයක් පාරිභෝගිකයින්ට ලබාදීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කළේ ඉකුත් සැප්තැම්බර් මස 17 වැනිදායි.

කොළඹ වරාය නගරය ඉදිකිරීමට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ චීන ජනාධිපතිවරයා අතින් මුල්ගල් තැබීම ද සැප්තැම්බර් මාසයේ දී සිදුකෙරුණා.

සැප්තැම්බර් මස 20 වැනිදා ඌව පළාත් සභා මැතිවරණය පැවැත්වු අතර ඉන් මන්ත‍්‍රී ධූර 19ක් දිනා ගනිමින් එක්සත් ජනතා නිදහස් සන්‍ධානය බලයට පත්වුණා.

එක්සත් ජාතික පක්‍ෂ මහලේකම් තිස්ස අත්තනායක මහතා නායකත්ව මණ්ඩලයෙන් ඉවත්වුයේ සැප්තම්බර් මස 22 වැනිදායි.

ඔක්තෝබර් මස 03 වැනිදා බි‍්‍රතාන්‍යයේ ශ‍්‍රී ලංකා මහකොමසාරිස් වෛද්‍ය ක‍්‍රිස් නෝනිස් මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වුණා.

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 250කින් අඩු කෙරුණේ මේ වසරේ ඔක්තෝබර් මස 09 වැනිදායි.

වසර 24කට පසු යාල් දේවි දුම්රිය ඔක්තෝබර් මස 13 වැනිදා යාපනයට ලගාවුණා.

පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ නායකත්වයෙන් යුත් පිවිතුරු හෙටක් සඳහා වු ජාතික ව්‍යාපාරය මගින් සකස් කරන ලද 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත එළිදක්වනු ලැබුවේ ඔක්තෝබර් මස 14 වැනිදායි.

ශ‍්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම නායයාම ලෙස සැලකෙන බදුල්ල, හල්දුම්මුල්ල, මීරියබැද්ද වතුයාය නායයාමට ලක්වුයේ ඔක්තෝබර් මස 29 වැනිදායි.

වත්මන් ජනාධිපතිවරයාට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ බලතල ප‍්‍රකාරව තෙවැනි වරටත් ජනාධිපතිධූරය සඳහා තරග කළ හැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දුවක් ලබාදුන්නා. ඒ නොවැම්බර් මස 11 වැනිදායි.

2015 වසරේ ජනාධිපතිවරණ පොදු අපේක්‍ෂකයා ලෙස තමන් ඉදිරිපත්  වන බව මෛත‍්‍රීපාල සිරිසේන මහතා ප‍්‍රකාශකරනු ලැබුවේ නොවැම්බර් මස 21 වැනිදායි. 

නොවැම්බර් මස 24 වැනිදා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නව මහලේකම්වරයා ලෙස අමාත්‍ය අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා පත් කෙරුණා.

පෙට‍්‍රල් සහ ඞීසල් මිල ගණන් රුපියල් 07කින් අඩු කෙරුණේ දෙසැම්බර් මස 05 වැනිදායි.

ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීම දෙසැම්බර් 08 වැනිදා සිදුකෙරුණා.

එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ‍තිස්ස අත්තනායක මහතා එම තනතුරෙන් ඉල්ලා අස්ව 2015 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට සහය පළකරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වූයේ දෙසැම්බර් මස 08 වනදායි.

එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ දෙසැම්බර් මස

11 වැනිදායි. ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානයක් අතුරුගිරිය ප‍්‍රදේශයට කඩා වැටුණේ දෙසැම්බර් මස 12 වැනිදායි.

බද්දේගම අධිකරණයෙන් ලද නියෝගයකට අනුව විදේශගතව සිට යළි ශ්‍රී ලංකාවට පැමිණීමේදී නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා අත්අඩංගුවට ගනු ලැබුවේ දෙසැම්බර් මස 28 වනදා කටුනායක ගුවන් තොටුපොලේදීයි.

0 comments:

Post a Comment