Pages

Subscribe:

Ads 468x60px

වැරදි දේශපාලන තොරතුරු පළකරන අපහාසාත්මක ව්‍යාජ වෙබ් අඩවි 5000කට වැඩි


ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත්කිරීමත් සමග ගෙවී ගිය සති 3ක කාලය තුළ සංවිධානාත්මකව එක්තරා පිරිසක් විසින් විදේශවල සිට මෙහෙයවනු ලබන වැරදි දේශපාලන තොරතුරු පළකරන වෙබ් අඩවි හා සමාජ ජාල ව්‍යාජ ගිණුම් 5000කට වැඩි සංඛ්‍යාවක් නිර්මාණය කර ඇති බවට තොරතුරු හෙළි වී තිබේ.

මෙය මෙරට ඉතිහාසයේ සන්නිවේදන හා තොරතුරු තාක්ෂණික ක්ෂේත‍්‍රයේ ඇතිවී තිබෙන ‘අසාමාන්‍ය ප‍්‍රවණතාවක්’ බවත් පවතින දේශපාලන වාතාවරණය හේතුවෙන් මේවා බිහිවී ඇති බවත් ශ‍්‍රී ලංකා

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ අධ්‍යක්ෂ (සන්නිවේදන හා මාධ්‍ය* අතුල පුෂ්පකුමාර මහතා පැවැසී ය.

ෆේස්බුක් වැනි සමාජ ජාල තුළ එක් පුද්ගලයකු මෙහෙයවන ව්‍යාජ ගිණුම් 200-300ක් පමණ පවතින බවට ද තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සහ ශ‍්‍රී ලංකා හදිසි ප‍්‍රතිචාර සංසදය ආදි මෙරට බලයලත් තාක්ෂණික ආයතන කිහිපයක් එ්කාබද්ධව කළ සමීක්ෂණයකින් මෙම තොරතුරු අනාවරණය කරගෙන ඇත.

එ් අනුව ව්‍යාජ වෙබ් අඩවි 1500ක් පමණ වන බවත් සෙසු සියල්ලම ෆේස්බුක්, ට්විටර් වැනි සමාජ ජාල ගිණුම්, වෙබ් පිටු ආදිය බවත් එම ආයතන පෙන්වා දෙයි.

පවතින දේශපාලන වාතාවරණයට සම්බන්ධ පදනමක් නැති ප‍්‍රවෘත්ති, ව්‍යාජ තොරතුරු, පුද්ගලයන්ට සිදුකරන අපහාසාත්මක චෝදනා, සදාචාර විරෝධී කි‍්‍රයා මෙන්ම පදනම් විරහිත දේශපාලන මතවාද ආදිය මෙම ව්‍යාජ වෙබ් අඩවි හා සමාජ ජාල ගිණුම් මගින් පළකරන බවට ද සමීක්ෂණයේදී හෙළි වී තිබේ.

මෙම ව්‍යාජ සමාජ ජාල ගිණුම් පිළිබඳ ෆේස්බුක් ආයතනය දැනුවත් කර ඇති අතර, මේ පිළිබඳ මේ දිනවල පැමිණිලි  ගණනාවක් දිනපතා ලැබෙන බව ද අතුල පුෂ්පකුමාර මහතා සඳහන් කළේ ය.



වැරදි දේශපාලන තොරතුරු පළකරන අපහාසාත්මක ව්‍යාජ වෙබ් අඩවි මෙහෙයවනු ලබන්නේ විදේශවල සිට වන අතර, එම වෙබ් අඩවි සඳහා විදේශවල තාක්ෂණික හා මූල්‍ය ආධාර ලැබෙන බවට ද හෙළිවී ඇත.

ඇතැම් වෙබ් අඩවි ‘දේශපාලන  ඕපා¥ප’ පමණක් ප‍්‍රචාරය කරන ඒවා වන අතර, ඇතැම් එ්වා දිනකට එක් අයකු හෝ පැමිණ නොමැති තරමට ප‍්‍රසිද්ධ නොවූ එහෙත් තාක්ෂණික උපක‍්‍රම මගින් සෙවුම් යන්ත‍්‍රවල ප‍්‍රමුඛත්වය ලබාදී ඇති එ්වා බවට ද පැවසේ.

ලංකාවේ පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරුන් පක්ෂ මාරුකරන බවට, මුදල් ගිවිසගන්නා බවට පදනමක් රහිත, වැරදි තොරතුරු පළකරන ඇතැම් වෙබ් අඩවි, මෙරට අධිකරණය මගින් වරෙන්තු නිකුත් කර සිටින මෙරට ආරක්ෂක අංශයට අත්‍යවශ්‍ය පුද්ගලයන් බි‍්‍රතාන්‍යය ආදි රටවල සිට මෙහෙයවන බවටත් අනාවරණය වී ඇතැයි ශ‍්‍රී ලංකා හදිසි ප‍්‍රතිචාර සංසදයේ මෙහෙයුම් කළමනාකරු රෝහණ පල්ලියගුරුගේ මහතා ප‍්‍රකාශ කළේ ය.

කෙසේවෙතත් මෙම වෙබ් අඩවි අවහිර කිරීමට හෝ වාරණයට ලක්කිරීම නොකරන ලෙසට රජය දන්වා ඇති බැවින් එ් කිසිදු වෙබ් අඩවියක් හෝ ගිණුමක් අවහිර නොකරන බව එම ආයතන පෙන්වා දෙයි.

නමුත්  ඕනෑම අයකුට පවතින අන්තර්ජාලය සම්බන්ධ  ඕනෑම ගැටලූවක් සම්බන්ධයෙන් අවශ්‍ය කඩිනම් පියවර ගැනීම සඳහා 011691692 යන අංකයට හෝ  cert@gov.lk යන විද්‍යුත් ලිපිනයට ඊ-මේල් ඔස්සේ පැමිණිලි කරන ලෙස ශ‍්‍රී ලංකා හදිසි ප‍්‍රතිචාර සංසදය අවධාරණය කළේ ය.

0 comments:

Post a Comment