Pages

Subscribe:

Ads 468x60px

ඇමැති සනත් වෙනුවෙන් අලුතින්ම රජය විසින් මිලදී ගත් වාහන 4 ක්‌ තවමත් භාරදී නැහැ


හිටපු තැපැල් සේවා නියෝජ්‍ය ඇමැති සනත් ජයසූරිය මහතාට සහ ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්‌ඩලයට රජය මගින් ලබාදී තිබූ නිල වාහන හතෙන් හතරක්‌ ඊයේ (23 දා) දහවල් වන විටත් තැපැල් සේවා අමාත්‍යාංශය වෙත නැවත භාරදී නොතිබුණ බව තැපැල් සේවා අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්‌ ඊයේ (23 දා) පැවසීය.

මෙම වාහන හතර අතර නියෝජ්‍ය ඇමැතිවරයා භාවිත කළ බී. එම්. ඩබ්ලිව්. වර්ගයේ (අලුතින්ම රජය විසින් මිලදීගත්) මෝටර් රථයත්,

ලෑන්ඩ් රෝවර් ඩිස්‌කවරි ජීප් රථයත් නියෝජ්‍ය ඇමැතිවරයාගේ කාර්ය මණ්‌ඩලයේ සාමාජිකයන් භාවිත කළ නිසාන් සෙල්පි වර්ගයේ මෝටර් රථ දෙකකුත් ඇතැයි අමාත්‍යාංශ නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

මේ පිළිබඳව මුස්‌ලිම් ආගමික කටයුතු සහ තැපැල් සේවා ඇමැති එම්. එච්. අබ්දුල් හලීම් මහතාගෙන් ඊයේ (23 දා) විමසූ විට ඇමැතිවරයා පැවසුවේ නියෝජ්‍ය ඇමැතිවරයා වාහන භාරදී නැති බවයි.

0 comments:

Post a Comment