Pages

Subscribe:

Ads 468x60px

සී. එස්‌. එන්. එකෙන් ක්‍රිකට්‌ තරග ගැලවෙයි!


දැනට සී.එස්‌.එන්. නාලිකාව සතු කරගෙන ඇති ක්‍රිකට්‌ තරග විකාශන අයිතිය යළි ජාතික රූපවාහිනියට ලබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන බව ජාතික රූපවාහිනියේ සභාපති ආචාර්ය සෝමරත්න දිසානායක මහතා ඊයේ (23 දා) ප්‍රකාශ කළේය.

නීත්‍යනුකූලව ක්‍රිකට්‌ විකාශන අයිතිය පැවරී තිබුණේ ජාතික නාලිකාවට පමණක්‌ වුවද, අදාළ පනත සංශෝධනය කරමින් පසුගිය රජය විසින්

ක්‍රිකට්‌ තරග විකාශන අයිතිය රාජ්‍ය හෝ ක්‍රීඩා නාලිකාවකට ලබා දිය හැකි බවට නීති ගෙන ආ බව ද දිසානායක මහතා කීවේය. 

ඒ අනුව පෞද්ගලික නාලිකාවක්‌ වන සී.එස්‌.එන්. නාලිකාවට ක්‍රිකට්‌ තරග විකාශනය කිරීමේ අයිතිය සම්පූර්ණයෙන් ම පවරා දී තිබූ බව කී දිසානායක මහතා එම නාලිකාව රටේ සියලු ප්‍රදේශ ආවරණය නොකරන නිසා ක්‍රිකට්‌ ක්‍රීඩාලෝලීන් රැසකට දැඩි අසාධාරණයක්‌ වූ බව ද කීය.

පනතට ගෙන ආ එම සංශෝධනය යළි වෙනස්‌ කර තරග විකාශන අයිතිය නැවත ජාතික නාලිකාව වෙත පවරා ගැනීම පිළිබඳ සොයා බැලීම කරන බව ද ඉදිරි සති දෙක තුළ මේ සම්බන්ධව අවසන් තීන්දුවක්‌ ගන්නා බව ද දිසානායක මහතා පැවැසීය.

එමෙන්ම ජාතික රූපවාහිනියේ කැමරා ඇතුළු උපකරණ සී.එස්‌.එන්. නාලිකාව විසින් භාවිතා කර ඇති බවට ද පැමිණිලි ලැබී ඇතැයි කී දිසානායක මහතා ඒ පිළිබඳව ද සොයා බලන බව කීය.

0 comments:

Post a Comment