Pages

Subscribe:

Ads 468x60px

ගෝඨාභය හා චන්ද්‍රිකාට LTTE ප්‍රහාර එල්ලවන විට තිබූ වාහන 2ත් පිටකෝට්ටේ වාහන අංගනයේ


පිටකෝට්ටේ වාහන අංගනයක තිබී සොයා ගත් ජනාධිපති කාර්යාලයට අයත් වාහන 53 අතර හිටපු ජනපතිනියට සහ හිටපු ආරක්ෂක ලේකම් වරයාට ත‍්‍රස්ත ප‍්‍රහාර එල්ල වූ මොහොතේ ඔවුන් භාවිත කළ මෝටර් රථ දෙක ද හමුවී තිබෙනවා.

පිටකෝට්ටේ - ශ‍්‍රී ජයවර්ධනපුර විවිධ සේවා සමූපකාරයට අයත් ඉඩමක පවත්වාගෙන ගිය මෙම වාහන අංගනයේ තිබී ජනාධිපති කාර්යාලයට

අයත් වාහන 53ක් සොයා ගත්තේ මේ මස 22 දායි. මෝටර් රථ 34 ක්, ජිප් රථ 13 ක්, වෑන් රථ 2 ක්, කැබ් රථ 2 ක් සහ යතුරුපැදියක් ඒ අතර තිබුණා. 

එම වාහන අතර හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංගට සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එල්.ටී.ටී.ඊ. මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර එල්ල වන අවස්ථාවේ ඔවුන් ගමන් කළ මෝටර් රථ ද තිබූ බව පිටකෝට්ටේ - ශ‍්‍රී ජයවර්ධනපුර විවිධ සේවා සමූපකාරයේ වත්මන් සභාපති රංජිත් පෙරේරා ප‍්‍රකාශ කළා.

0 comments:

Post a Comment