Pages

Subscribe:

Ads 468x60px

බැසිල් ශ්‍රීලනිප ජාතික සංවිධායක ධුරයෙන් අස්වෙයි


ඉකුත් ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජයේ සම්පූර්ණ වගකීම භාරගනිමින් එම මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කල ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රිලනිප
ජාතික සංවිධායක ධූරයෙන් ජනවාරි 15වැනිදා පෙරවරුවේ ඉල්ලා අස් වී ඇති බව ශ්‍රිලනිප මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මේ පිළිබදව දැනුම් දෙමින් ශ්‍රිලනිප ප්‍රධාන ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා වෙත ලිපියක් යවමින් බැසිල් රාජපක්ෂ මහතා පවසා ඇත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පසුපෙල පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකු වශයෙන් තමන් ඉදිරියටත් කටයුතු කරන බවය.

ජනාධිපතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂක‍යා වෙනුවෙන් පූර්ණ සහාය දුන් ශ්‍රිලනිප ඇතුළු සියළුම සන්ධානයේ හවුල්කාර සහ හිතවත් පක්ෂවල නායකයින්, සාමාජිකයින්, ක්‍රියා කාරිකයින් සහ හිතවතුන් වෙත සිය කෘතඥතාවය එම ලිපිය මගින් පලකර ඇති බැසිල් රාජපක්ෂ මහතා විශේෂයෙන් සන්ධානයේ නායක මහින්ද රාජපක්ෂ, ලේකම් සුසිල් ප්‍රේමජයන්ත, ශ්‍රිලනිප ප්‍රධාන ලේකම් අනුර ප්‍රියදර්ශන යන මහත්වරුන් ඇතුළු සියළුම නිලධාරින්ට තමාට මැතිවරණ ව්‍යාපාරය සංවිධානය කිරිම සඳහා අනගි සහායක් දුන් බවද හෙතෙම වැඩිදුරටත් පවසා ඇත.

ජනාධිපතිවරණය ඉතා සාධාරණ සහ යුක්ති සහගතව පවත්වා ගැනීමට සහාය දුන් මැතිවරණ කොමසාරිස් ඇතුළු සියලූම රජයේ නිළධාරින්ද පොලිසිය ඇතුළු ආරක්ෂක අංශද ගම්පහ දිස්ත්‍රික්කය ඇතුළු රටපුරා සන්ධාන අපේක්ෂකයාට ඡන්දය ලබාදුන් ඡන්දදායකයින් මෙන්ම සංවිධානයට ක්‍රියාකාරිව දායකවූ ජනතා නියෝජිතයන්ද මැතිවරණ නිතිරීති වලට අවනතව කටයුතු කිරීම රටේ සාමය සහ ආරක්ෂාව පවත්වාගෙන යෑමට රුකුලක් වූ බවද එමගින් වැඩිදුරටත් සඳහන් කර ඇති බව කියයි.

0 comments:

Post a Comment