Pages

Subscribe:

Ads 468x60px

නාරාහේන් පිටින් සොයාගත් "ලිහිණියා" යානය හැදූ ශිල්පියා කල කතාව මෙන්න


නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ භාණ්ඩ ගබඩාවක සඟවා තිබූ සැහැල්ලූ ගුවන් යානයක් 13 වැනිදා පස්වරුවේ සොයා ගන්නා ලදී. පුද්ගලයක් දෙදෙනෙකු විසින් එම ගුවන් යානය ඉවත් කරගැනීමට යන බවට ලැබුණු ඔත්තුවකට අනුව පොලීසිය විසින් එම ගුවන් යානය සොයාගෙන තිබුණි.

පසුව චිත‍්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන චන්ද්‍රන් රත්නම් මහතා කියා සිටියේ එම ගුවන් යානය තමා සතුව පැවතිය එකක් බවත් පසුව යෝෂිත

රාජපක්ෂ මහතාගේ ඉල්ලීමකට අනුව යානය ඔහුට ලබාදුන් බවකි.

මේ පිලිබඳ වැඩි විස්තර සෙවූ අපට වාර්තා වූයේ 1990 වර්ෂයේදී පමණ නිපදවන ලද "ලිහිණියා" නම් එම ගුවන් යානය නිපදවා ඇත්තේ ලංකාවේ විසු සුප්‍රකට විද්‍යාඥයකු වන රේ. විජයවර්ධන මහතා විසින් බවයි.

රේ. විජයවර්ධන මහතා යානය නිපදවන විට එහි කාර්මික ශිල්පියෙකු ලෙස තමන් වැඩ කල බංගදෙනියේ දෙමටපිටියේ පදිංචි හැම්ලට් මටිස්ට් මහතා සදහන් කරනවා.

ඒ මහතා අප සමග මෙසේ පැවසුවා.

මම ඒ දවස් වල වැඩ කලේ රේ.විජේවර්ධන මහතා ලග. එතුමා අලුත් දේවල් කරන්න කැමතියි. අපිත් විවිධ දේ නිර්මාණය කරන්න කැමතියි. විදේශීය රට වලින් සහ මෙරටින් සොයාගත් දේවල් යොදාගෙන තමයි අපි ලිහිණියා ගුවන් යානය නිෂ්පාදනය කලේ.

මෙම යානයේ එන්ජිම අශ්ව බල 64ක ධාරිතාවකින් යුක්තයි. ඉන්ධන ලීටර් 35ක් මෙම යානයට යොදන්න පුළුවන්. මුහුදු මට්ටමේ සිට අඩි 5800ක් තරම් ඉහල අහසට ගමන් කරන්න පුළුවන්. අපි අවස්ථාවක ඊටත් වඩා ඉහලට යන්න උත්සහ කළා, නමුත් එකට උෂ්ණත්වය හරස් වුණා.දෙන්නෙකුට තමයි මේ යානයේ ගමන් කිරීමට හැකියාව තිබ්බේ.

මෙම යානය පැයට සැතපුම් 80ක පමණ වේගයෙන් ගමන් කිරීමට හැකියාව තිබුණා. රේ.විජේවර්ධන මහතා සමග මම හලාවත, කළුතර ප්‍රදේශ වලට ගිහින් තිබෙනවා. රේ.විජේවර්ධන මහතාට අයත් තවත් එක් සැහැල්ලු ගුවන් යානයක් හලාවත් ඉරණවිල ප්‍රදේශයට කඩා වැටුනා. මෙම යානා රේ.විජේවර්ධන මහතා නිෂ්පාදනය කලේ විනෝදයට මිසක් වෙන කටයුත්තකට නෙවෙයි.

අපේ රටේ යුද්ධය පටන් ගත්විට පුද්ගලික ගුවන් යානා ගුවන් ගත කිරීම රජය විසින් තහනම් කළා. මේ ගුවන් යානය තිබුනේ එතුමාගේ නිවසේ. ඔහු විසින් යානය ගුවන් පුහුණු අභ්‍යාස ආයතනයකට දෙන්න කැමැත්තෙන් සිටිය බව එතුමා මා සමහ පවසා තිබුණා.

මම දවසක් කිවා මෙම ගුවන් යානය කෞතුක වස්තුවක් විදියට තියාගන්න මට මට දෙන්න කියලා. එත් එතුමා දුන්නේ නැහැ. මෙම ගුවන් යානය නැවත සකස් කරලා ගුවන් ගත කරන්න කරන්න මට පුළුවන්. මොකද මේ යානයේ සැම කොටසක් ගැනම මම දන්න නිසා.

මට මේ සම්බන්ධයෙන් දැනුම තිබෙනවා, ඒ නිසා කිසියම් කෙනෙක් සහය දෙනවා නම් මේ වගේ නිෂ්පාදන කරන්න පුළුවන්. අද මම පුද්ගලික කටයුතු කරගෙන පැත්තකට වෙලා ඉන්නේ. මම කියන්නේ ලිහිණියා සැහැල්ලු යානය තමයි මේ රටේ නිෂ්පාදනය කල පළමු ගුවන් යානය. එය සංරක්ෂණය කිරීම අපි කල යුතු වැඩක්.



 

Lihiniya Flight www.nethfm.com 1 Lihiniya Flight www.nethfm.com 2 Lihiniya Flight www.nethfm.com 3 Lihiniya Flight www.nethfm.com 4 Lihiniya Flight www.nethfm.com 5 Lihiniya Flight www.nethfm.com 6 Lihiniya Flight www.nethfm.com 7 Lihiniya Flight www.nethfm.com 8 Lihiniya Flight www.nethfm.com 9 Lihiniya Flight www.nethfm.com 10 Lihiniya Flight www.nethfm.com 11 Lihiniya Flight www.nethfm.com 12 Lihiniya Flight www.nethfm.com 13 Lihiniya Flight www.nethfm.com 14

0 comments:

Post a Comment