Pages

Subscribe:

Ads 468x60px

විමල්ගේ බිරිඳ අත්අඩංගුවට ගැනීමට පෙර දරුවන් හඬා වැටුන හැටි


රාජතාන්ති‍්‍රක විදෙස් ගමන් බලපත‍්‍රයක් ව්‍යාජ ලෙස සකස් කිරීම යන චෝදනාව යටතේ හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිද වන ශෂී වීරවංශ මහත්මිය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ දිනයේ අත්අඩංගුවට ගනු ලැබුවා.

මාලබේ පෞද්ගලික රෝහලක නේවාසිකව ප‍්‍රතිකාර ලබමින් සිටියදී ඇය අත්අඩංගුවට පත්වූ අතර එම රෝහලේදී අත්අඩංගුවට ගැනීමට ප්‍රථම ශෂී වීරවංශගේ දියණිය හා පුතා ඇයව වැළඳගනිමින් හඬන අයුරු දැක්වෙන ඡායාරූපයක් අන්තර්ජාලයට නිකුත්වී තිබේ. 


එම ඡායාරූපය බලන්න පහතින්. 

විමල්ගේ බිරියගෙන් වෙන්වෙන්න බැරිව
දරුවන් හඩන අනුවේදනීය ඡායාරූපය

ඊයේ රෑ මාලඹේ නෙවිල් ප්‍රනාන්දු පුද්ගලික රෝහලේදී පොලිස් අත්අඩංගුවට පත්වූ මන්ත්‍රී විමල් වීරවංශගේ බිරිය ශෂී වීරවංශගෙන් වෙන්වෙන්නට බැරිව දරුවන් හඩන හැටි දැක්වෙන අනුවේදනීය ඡායාරූපයක් විමල් වීරවංශගේ වෙබ් අඩවියේ පළකර තිඛෙනවා.


එහි සඳහන් වන්නේ වෙන් වෙන්න මොහොතයි ආදර අම්මේ..
දෙදරුවෝ මවු උණුහුමේ හඩා වැටෙති.. යනුවෙනි.


විමල්ගේ බිරියව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත්තේ, ආගමන විගමන පනතේ 45 වන වගන්තියට අනුව කූඨ ලේඛන වංචා අපරාධයක් සම්බන්ධයෙනි.

1 comments:

Anonymous said...

VIMALLAGE MAHINDALAGE BALA THANHA DHANA THANHA NISA KEE DENEK HIRE WETILA MERUM KALA ATHDA. UNGE DARUWO DARUWO NEWEYIDA. EE DARUWO ANDUWAMA ANUWEDANEEYA NETHIDA.
REAL GOYYA.

Post a Comment