Pages

Subscribe:

Ads 468x60px

වෙලේ සුදා ට්‍රැක්ටරයෙන් කුඩු ගෙනා හැටි මෙන්න.


වෙලේ සුදා නමැති හෙරොයින් ජාවාරම්කරු පාකිස්‌තානයේ සිට ශ්‍රී ලංකාවට හෙරොයින් කිලෝග්‍රෑම් 1000 කට අධික ප්‍රමාණයක්‌ එවීම සඳහා යොදාගත් ට්‍රැක්‌ටර් 26 ක්‌ කැලණිය සිංහාරමුල්ල ප්‍රදේශයේ ගබඩාවක සඟවා තිබියදී පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශය මගින් ඊයේ (16 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ට්‍රැක්‌ටර්වල සඟවා තිබූ හෙරොයින් වල වටිනාකම රුපියල් කෝටි 1000 කට ආසන්න බව පොලිසිය පවසයි. රහස්‌ පොලිසිය භාරයේ සිටින

වෙලේ සුදා හෙළි කළ තොරතුරකට අනුව කළ වැටලීමකදී මෙම ට්‍රැක්‌ටර් තොගය හමුවී තිබේ.

ට්‍රැක්‌ටර් එංජින්වල කොටස්‌ කපා ඉවත් කර ඒවා තුළ හෙරොයින් පැකට්‌ සඟවා එවා ඇති බව පරීක්‍ෂණවලදී හෙළිවී ඇත. ඊට අමතරව මෙම ට්‍රැක්‌ටර් වල ටයර් තුළ ඇති ටියුබ් කපා ඉවත් කර ඉතාම සූක්‍ෂම ආකාරයට හෙරොයින් ගබඩා කර තිබූ බවද අනාවරණය වී තිබේ.

ට්‍රැක්‌ටර් 26 සොයා ගන්නා අවස්‌ථාව වන විට ඒවා තුළ හෙරොයින් තිබී නැත. ජාවාරම්කරුවන් මෙම ට්‍රැක්‌ටර් වල සඟවා එවූ හෙරොයින් තොග සියල්ල ඉවත් කරගෙන ඒවා බෙදාහැර තිබූ බවද හෙළි වී තිබේ.

පරීක්‍ෂණවලදී හෙළිවී ඇති අන්දමට මෙම හෙරොයින් ගබඩා කළ ට්‍රැක්‌ටර් 26 ශ්‍රී ලංකාවට එවා ඇත්තේ වසරක කාල සීමාවක්‌ තුළ හය වතාවකදීය.

ජාවාරම්කරුවන් පෙතියාගොඩ ප්‍රදේශයේ පිහිටි ගබඩාව මාසිකව රුපියල් එක්‌ලක්‍ෂ අසූදහසක මුදලකට කුලියට ලබාගෙන ට්‍රැක්‌ටර් සියල්ල එහි රැගෙන ගොස්‌ සඟවා තිබේ.

පසුව ඒවා තුළ සඟවා ඇති හෙරොයින් ඉවත් කරගෙන ඒවා කිලෝ එක බැගින් පාර්සල්වලට අසුරා රට පුරා බෙදාහැර ඇත.

මෙම ට්‍රැක්‌ටර් 26 වෙලේ සුදා ඇතුළු ජාවාරම්කරුවන් විසින් ශ්‍රී ලංකාවේ නියෝජිතයකුගේ නමට එවා තිබිණි.

මෙම ට්‍රැක්‌ටර් තුළ හෙරොයින් සඟවා තිබෙන බව ශ්‍රී ලංකාවේ නියෝජිතයා දැන නොසිටි බව පරීක්‍ෂණවලින් අනාවරණය වී තිබේ.

නියෝජිතයාගේ කාර්යභාරය වී තිබුණේ ට්‍රැක්‌ටර් සියල්ල රේගුවෙන් මුදාගෙන පෙතියාගොඩ පිහිටි ගබඩාව වෙත ගෙනැවිත් භාර දීමය.

ට්‍රැක්‌ටර් ගබඩාව වෙත රැගෙන යැමෙන් පසු එහි සිටින වෙලේ සුදාගේ ගෝලබාලයන් සඟවා තිබෙන හෙරොයින් ඉවත් කරගෙන ඒවා ඉතාම සූක්‍ෂම අයුරින් බෙදාහැර ඇත.

පොලිස්‌ විශේෂ කාර්ය බළකාය සහ පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශය අවස්‌ථා කීපයකදී හෙරොයින් කිලෝ ග්‍රෑම් 80 - 100 ප්‍රමාණවලින් අත්අඩංගුවට ගනු ලැබුවේ මෙම ට්‍රැක්‌ටර්වල සඟවා ශ්‍රී ලංකාවට එවනු ලැබූ හෙරොයින් බව පොලිසිය පවසයි.

වෙලේ සුදා පාකිස්‌තානයේදී එරට පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබුවේ ද ට්‍රැක්‌ටර්වල සඟවා ශ්‍රී ලංකාවට හෙරොයින් එවීමට සූදානම් කර තිබියදීය.

පසුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් වෙලේ සුදාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී මෙම ට්‍රැක්‌ටර් පිළිබඳව තොරතුරු හෙළි කර තිබිණි.

මෙම හෙරොයින් තොගය ශ්‍රී ලංකාවට එවීමේ ජාවාරම පිටුපස වෙලේ සුදා සහ තවත් ප්‍රධාන පෙළේ ජාවාරම්කරුවකු බව කියන සිද්ධියක්‌ නමැති අය සිටින බව පොලිසිය පවසයි.

ඊට අමතරව තවත් ජාත්‍යන්තර මට්‌ටමේ ජාවාරම්කරුවන් කීපදෙනකු මීට මුදල් වියදම් කර ඇති බවද අනාවරණය වී තිබේ.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශය මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වාගෙන යයි.







0 comments:

Post a Comment