Pages

Subscribe:

Ads 468x60px

නොමිලේ ලබාදුන් Google Talk නවතා දමයි


ජනප්‍රිය තාක්ෂණික සමාගමක් වන Google ආයතනය විසින් අන්තර්ජාල පරිශීලකයින්හට නොමිලේ ලබාදුන් අන්තර්ජාල සේවාවක් වන Google Talk මෙම සතිය තුළ නවතා දැමීමට තීරණය කර ඇති බවටයි ඔවුන්ගේ නිවේදනයෙන් දැක්වෙන්නේ.

Google ආයතනය විසින් පසුගිය වසරේ හදුන්වාදුන් Hangouts app තුළට Google Talk, Voice හා SMS සේවාවන්ද ඇතුලත් කිරීමට කටයුතු කළා. Android හා iOS සදහා ඔවුන් මෙම සේවාව ප්‍රථමයෙන්ම හදුන්වා

දුන්නා.

පෙබරවාරි 16 පසුව එම සේවාවන් ලබා ගැනීමට නම් Hangouts app මෘදුකාංගය Chrome වෙතට ස්ථාපනය කර ගැනීම වැනි විකල්පයකට යායුතු බව ඔවුන් පවසනවා. පරිගණකයෙන් පමණක් එම සේවාව ලබා ගැනීමට හැකියි.

Google ආයතනය පවසන්නේ Google Talk වලට වඩා Hangouts අන්තර්ජාල පරිශීලකයින් අතර වැඩි ජනප්‍රියතාවයක් තිබු නිසා Google Talk සේවාව නවතා දැමීමට තීරණය කළ බවයි.

0 comments:

Post a Comment