Pages

Subscribe:

Ads 468x60px

හෙලිකොප්ටර් දෙකක් එකට ගැටී බිහිසුණු අනතුරක්


ආර්ජන්ටිනාවේදී රියැලිටි ටී.වී. වැඩසටහනක රූගත කිරීම් සිදු කරමින් තිබියදී හෙළිකොප්ටර් යානා දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයින් 10 දෙනෙකු මිය ගොස් තිබේ. ගුවන් අනතුරින් මිය ගිය පිරිස අතර ප්‍රංශ ජාතික ඔලිම්පික්ශූරියන් දෙදෙනෙකු සහ ඔලිම්පික් ශූරයෙකු ද සිටින බව ප්‍රංශ බලධාරීන් හතවුරුකර තිබේ.

එලෙස මිය ගොස් ඇත්තේ, ඔරු පැදීමේ ඔලිම්පික් ශූරියක වන Florence Arthaud, ඔලිම්පික් පිහිනුම් ශූර Camille Muffat සහ ඔලිම්පික් බොක්සිං ශූර Alexis Vastine යන ක්‍රීඩකයින් ය. කැමිලි 2012 ලන්ඩන් ඔලිම්පික්

ක්‍රීඩා උළෙලේදී පදක්කම් තුනක් දිනා ගෙන තිබේ. 

Alexis Vastine 2008 බීජිං ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ලෝකඩ පදක්කමක් දිනා ගත්තා ය. හෙළිකොප්ටර් යානා දෙකක එකිනෙක ගැටී ඇත්තේ, අඩි 328ක් ඉහළ අහසේදී ය.

එරට රාජ්‍ය මාධ්‍ය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, අනතුරින් ප්‍රංශ ජාතිකයින් 8දෙනෙකු සහ ආර්ජන්ටිනා ජාතිකයින් 2දෙනෙකු මියගොස් ඇති බව ය.



0 comments:

Post a Comment