Pages

Subscribe:

Ads 468x60px

බිරියගේ නැඟණිය ගැබිනියක් කළ අන්ධ මස්සිනා

තම බිරියගේ 14 හැවිරිදි බාල වයස්කාර නැඟණිය දූෂණය කොට ඇය ගැබිනියක් බවට පත් කළ 38 හැවිරිදි දෑසම නොපෙනෙන පුද්ගලයකු ඉකුත් 9 වැනිදා හඟුරන්කෙත පොලිසියෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

හඟුරන්කෙත පොලිස් බල ප්‍රදේශයේ වතු ලයිමක පදිංචි මෙම පුද්ගලයාගේ දෑස නොපෙනෙන අතර ඔහුගේ බිරිය කොළඹ නිවෙසක සේවයේ නිරත වන බව සඳහන්ය. බිරියගේ මව වත්තේ දෛනික කුලී වැඩ සඳහා යන අතර බාල වයස්කාර නැඟණිය අධ්‍යාපනය හදාරමින් නිවෙසේ සිට ඇත.

පසුගිය වසරේ දිනයක නිවෙසේ කිසිවකු නොමැති අවස්ථාවක සැකකාර අන්ධ පුද්ගලයා මෙම දැරිය දූෂණය කර ඇති බව සඳහන් වන අතර

එදින සිට මේ දක්වාම මරණ තර්ජනය කරමින් විටින් විට දැරිය දූෂණය කර ඇති බවද පැවැසේ.

අතවරයට ලක්වූ බාල වයස්කාර දැරියගේ මව ඇයගේ ශරීර ලක්ෂණ වෙනස් වීම් දැක ඇය රෝහල කරා රැගෙන ගිය අවස්ථාවේදී ඇය පරීක්ෂා කළ වෛද්‍යවරු සඳහන් කොට ඇත්තේ දැරිය තෙමස් ගැබිනියක් බවය. 


ඇගෙන් තතු විමසීමේදී අන්ධ මස්සිනා තමාට කළ අතවරය පිළිබඳ මවට හා වෛද්‍යවරුන්ට පවසා ඇති අතර මව කළ පැමිණිල්ලකට අනුව හඟුරන්කෙත පොලිසියෙන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු දෙදරු පියෙකි.

0 comments:

Post a Comment