Pages

Subscribe:

Ads 468x60px

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි දිවයිනට


ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා දෙදින නිල සංචාරයක් සදහා අද අලූයම දිවයිනට පැමිණියා. ඔහු පිළිගැනීම සදහා විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර, ලක්‍ෂ්මන් කිරිඇල්ල ඇතුළු මැතිඇමතිවරුන් කිහිප දෙනෙකු කටුනායක බණ්ඩාරණායක අන්තර්ජාතික ගුවන් තොටුපළට පැමිණ සිටියා.

ඉන්දිය අග‍්‍රමාත්‍යවරයෙකු නිල සංචාරයක් සදහා ශී‍්‍ර ලංකාවට පැමිණෙන්නේ වසර 28 කට පසුවයි. අවසන්වරට නිල සංචාරයක් සදහා ඉන්දීය හිටපු අග‍්‍රාමාත්‍ය රජිව් ගාන්ධි මහතා 1987 වසරේදී දිවයිනට පැමිණියා.

ඒ ඉන්දු ලංකා සාම ගිවිසුම අත්සන් තැබීම සදහායි. දිවයිනට පැමිණි ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද පස්වරු 3.15 ට ශී‍්‍ර ලංකා

පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතයි.

මෙරට පාර්ලිමේන්තුව අමතන තෙවැනි  ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා වන්නේද නරේන්ද්‍ර මෝදි මහතායි. 1973 වසරේදී හිටපු ඉන්දීය අග‍්‍රාමාත්‍ය ඉන්දිරා ගාන්ධි මහත්මියත්, 1979 වසරේදී එවකට අග‍්‍රාමාත්‍ය වරයාව සිටි මොරාජි දේසායි මහතාත් ශී‍්‍ර ලංකා පාර්ලිමේන්තුව අමතා අදහස් දක්වා තිබෙනවා.

දිවයිනට පැමිණි ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ සහ උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් යන මහත්වරුන් සමග සාකච්ඡුා පැවැත්වීමට නියමිතයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමගද ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා සාකච්ඡාවක් පවත්වනු ඇති බව එරට මාධ්‍ය  ඊයේ වාර්තා කර තිබුණා.   

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය වෙනුවෙන් අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා ඔහුගේ මෙරට පරිවාර අමාත්‍යවරයා ලෙස නම්කර තිබෙනවා.

මේ අතර ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයාගේ ශී‍්‍ර ලංකා සංචාරයට සමගාමීව විශේෂ ආරක්‍ෂක වැඩසටහනක්ද කි‍්‍රයාත්මකයි. ඒ සදහා යොදවා සිටින ආරක්‍ෂ නිලධාරීන්ගේ සංඛ්‍යාව පන් දහසකට ආසන්න බවයි පොලීසිය පැවසුවේ.  අද සහ හෙට විශේෂ රථ වාහන සැලැස්මක්ද කි‍්‍රයාත්මක බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සදහන් කළා.

හෙට දිනයේ කි‍්‍රයාත්මක රථ වාහන සැලසුම පිළිබදවද රුවන් ගුණසේකර මහතා කරුණු පැහැදිලි කළා.



3

2

1   4

1 2 3 4

0 comments:

Post a Comment