Pages

Subscribe:

Ads 468x60px

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා අද දිවයිනට

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා අද දිවයිනට පැමිණෙනවා. පස්වරු 01.30ට පමණ බැසිල් රාජපක්‍ෂ මහතා රැගත් ගුවන් යානය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට ලගා වීමට නියමිතයි. අද පැවැත්වෙන
පාර්ලිමේන්තු සැසිවාරයට ද බැසිල් රාජපක්‍ෂ මහතා සහභාගි වීමට නියමිත බව ඔහුගේ නීතිඥ යු.ආර්. ද සිල්වා මහතා කියා සිටියා.

මේ අතර දිවයිනට පැමිණෙන හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා පිළිගැනීමට සහභාගි නොවී සිටිමට ගම්පහ දිස්ත‍්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්‍ධාන මන්ත‍්‍රීවරුන් පිරිසක් තීරණය කර ඇතැයි වාර්තා වනවා.

අද දිනයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ගම්පහ දිස්ත‍්‍රික්කයේ ස්ථාන කිහිපයක පැවැත්වෙන උත්සවවලට සහභාගිවීමට නියමිතයි. අදාල මන්ත‍්‍රීවරුන් බැසිල් රාජපක්‍ෂ මහතා පිළිගැනීමට නොගොස් හිටපු ජනාධිපතිවරයා සහභාගි වන එම උත්සව සඳහා සහභාගි වීමට තීරණය කර ඇති බවද දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කළා.

0 comments:

Post a Comment