Pages

Subscribe:

Ads 468x60px

එම්.ජී. ධනුෂ්ක රඟපෑමට එක්වෙලා කියන්නේ ඇත්තද

මට පෙම්වතියක් ඉන්නවා, 
එයා මගේ ගමේ කෙනෙක්

 එම්.ජී. දැන් නළුවෙක්?
‘ඇසිඩ්’ ටෙලි නාට්‍යයේ මම ආරාධිත රංගනයක යෙදුණා. ඒක බොහොම පුංචි චරිතයක්.

‘ඇසිඩ්’ නාට්‍යය දීර්ඝ ටෙලි නාට්‍යයක්. ඉදිරි පිටපත්වලදී ඔබේ චරිතය මතුවීමට ඉඩ තියෙනවා.
එහෙම වුණොත් මම බොහොම ආසාවෙන් ඒ අවස්ථා බාර ගන්නවා.

ඒ කියන්නේ එම්.ජී. නළුවෙක් වෙන්න කැමතියි
ඔව්. කැමතියි. මම පාසල් යන කා‍ලේ වේදිකා නාට්‍යවල රඟපාලා තියෙනවා. මට රඟපෑමේ හැකියාවක් තියෙන බවට විශ්වාසයක් මා තුළ
තිබෙනවා. ඒ වගේම මම රඟපාන්නත් ආසයි.  ඉතින් නළුවෙක් වෙන්න අවස්ථාවක් ලැබුණොත් ඒ අවස්ථාව සතුටින් භාර ගන්නවා.

පුංචි තිරයේ පෙම්වතා වන්නද කැමති?
පෙම්වතාගෙ චරිතය රඟපාන්න වුණත් පුළුවන්. ඒත් පෙම්වතාගෙ චරිතයට වඩා මම ආසයි ඊට එහා ගිය වෙනස් චරිතයක් රඟපාන්න.

 එම්.ජී. ගෙ ගායන දිවිය ගැන කතා කළොත්?
‘ගින්දරි’ චිත්‍රපටයේ මම චිත්‍රපට පසුබිම් ගී ගයනවා. මේ වෙද්දී තව චිත්‍රපටයකයි, ටෙලි නාට්‍ය හයකයි තේමා ගීත ගයා තිබෙනවා. මගේ අලුත් ගීත කීපයක්ද ළඟදීම එළිදක්වන්නට සූදානම් වෙනවා.

ප්‍රසංග වේදිකාව ගැන කතා කළොත්?
මගේ “ර්ට් එඊඩ් .ම්” සංගීත කණ්ඩායම දැන් රට පුරා යනවා. විදෙස් සංචාර කීපයකටත් ඇරයුම් ලැබිලා තියෙනවා. ඒ අතරේ මමත් ප්‍රසංග වේදිකාව තුළ සුපුරුදු විදියට ගී ගයනවා.

ප්‍රසංග වේදිකාව තුළ අනුන්ගේ ගීත ගයනවා කියන චෝදනාවෙන් තවමත් මිදෙන්න බැරි වුණා නේද?
ඔය ප්‍රශ්නෙ හින්දා මම පුදුම විදියට මානසිකව පීඩා වින්දා. එක්තරා ප්‍රවීණ ගායකයෙක් මට කතා කරල කිව්වා එයාගෙ ගීත ගැයුවොත් කට කපනව කියලා. සමහරු මට ගීත හොරා කියලා බණිනවා. ඇත්ත තත්ත්වය තේරුම් ගන්න කියලා මම ඒ හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා.

මොකක්ද ඇත්ත තත්ත්වය?
මගේම ගීත තියනවා. මම ප්‍රසංග වේදිකාව තුළ ගයන්නේ මගේම ගීත. ඒත් වේදිකාවට නැග්ගම මට ඩී්‍රම් ස්ටාර් තරගයට ගැයූ ගීත ගයන්නට වෙනවා. ඒ ගීත එකක්වත් ගැයුවේ නැත්තං වේදිකාවෙන් බහින්න ලැබෙන්නේ නැහැ. ඒ වගේ වේලාවට මට ඒ දේ කරන්න වෙනවා. එහෙම නොකර මම වෙන මොනවා කරන්නද?

ඒ වුණත් අනුන්ගේ ගීත ගැයුවා කියන චෝදනාව එන්නේ ඔබට?
ඒ ප්‍රවීණයින්ට මම ගරු කරනවා. ඒ අයගේ ගීත සදාකාලිකයි. ඒ හින්දයි ඒවා ජනප්‍රිය. ඒ හින්දයි අපිත් ඒවා ගයන්නේ. අපි වැනි අය ගැන මානුෂිකව බලන්න කියලා මම ඒ අයගෙන් ඉල්ලා සිටිනවා.

මම සිංදු කියලා කෝටි ගණනක් හම්බ  කරලා තියෙනවා කියලා සමහරු කියනවා. මට නඩු දාන්න පවා සූදානම් අය ඉන්නවා. මට නඩු දාලා මගෙන් ගන්න දෙයක් නෑ. මම මහ ලොකු සල්ලි කාරයෙක් නමෛයි. 

ඔය ප්‍රශ්නෙ මට විතරක් නමෛයි මගේ පරපුරේ තව ගායකයින්ට තියෙනවා. සමහරු තමන්ගේ පියාගේ ගීත ගැයුවා කියලා තවත් ගායකයන්ට චෝදනා කරනවා. හැබැයි ඒ අය ඒ පියවරුන් ජීවතුන් අතර ඉද්දී ඒ  පියවරුන්ට සැලකුවේ කොහොමද කියලා හිතන්න ඕන. 

ජනප්‍රිය ගීතයන් නවකයෙක් ගායනා කරලා ඉදිරියට එන්න හදනවා නම් ඒ ගැන මීට වඩා මානුෂිකව බලන්න කියලා මම මේ හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා.

එම්.ජී.ගෙ පෞද්ගලික තොරතුරු කතා කළොත්?
මම සීදුවෙන් ගෙයක් ගත්තා. එහෙ අලුත්වැඩියා කිරීම් අවසන් කළ හැටියේ මම එහේ පදිංචි වෙනවා. තාත්තාවත් මගෙ ළඟට ගන්න කැමතියි. ඒත් ගොවිතැන් කටයුතු හින්දා තාත්තා ගම හැරලා එන්න කැමති නැහැ. මට පෙම්වතියක් ඉන්න බවත්, එයා මගේ ගමේ කෙනෙක් බවත් මම මීට පෙර මාධ්‍යයට පැවසුවානේ. විවාහයත් ඉදිරියේදී සිදුවේවි.

0 comments:

Post a Comment