Pages

Subscribe:

Ads 468x60px

පිලිස්සූ මළ සිරුර කැලණි ගඟට දාන්න හදලා - අතුරු ගිරිය මිනී මැරුමේ ඇත්ත හෙළිවෙයි


බාගෙට පුලුස්සා කැලණි ගඟට දැමීමට වෑන් රථයකින් රැගෙන යමින් තිබූ මළ සිරුරක් සමග සැකකරුවන් දෙදෙනකු මාලබේ, කහන්තොට ප්‍රදේශ යේදී රාත්‍රී මුර සංචාරයේ යෙදී සිටි අතුරුගිරිය ‍පොලිසියේ නිලධාරීන්
විසින් පසුගිය 23 වැනිදා අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මෙම ඝාතනයට සම්බන්ධ තවත් දෙදෙනෙක් පිළියන්දල ‍පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

අතුරුගිරිය ‍පොලිසියේ රාත්‍රී මුර සංචාරයේ නිරතව සිටි ‍පොලිස් කොස්තාපල්වරුන් වන ප්‍රියන්ත (3912) සහ රත්නායක (69471) යන දෙදෙනා සැක කටයුතු ලෙස ගමන් ගත් වෑන් රථයක් නවතා තිබේ.

අරංගල, කහන්තොට මාර්ගය නිතර පොලිස් සෝදිසියට ලක් වන ස්ථානයක් නොවුණත් රථ වාහන පොලීසිය 23 වැනිදා සිදු කළ හදිසි සෝදිසියක් හේතුවෙන් සඟවන්නට උත්සාහ කළ මිනී මැරුමක තොරතුරු මෙලෙස අනාවරණය වී තිබේ.

ඝාතනයට ලක් ඇත්තේ, ගාල්ල පොද්දල ප්‍රදේශයේ පදිංචිව සිටි 33 හැවිරිදි හමුදාවෙන් පලා ආ සෙබළෙකි. වෑන් රථය තුළ තිබූ පිළිස්සු මළ සිරුර ඊයේ පෙරවරුවේ කඩුවෙල වැඩබලන ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගේ පරීක්ෂණයට ලක් විය.

එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ, දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කොළඹ පොලිස් මෘත ශරීරාගාරයට යවන ලෙස ය. දැනට අනාවරණ වී ඇති කරුණුවලට අනුව මෙය අනියම් සබඳතාවක් මුල් කොට ගෙන සිදුවූ මිනී මැරුමක් බවට පොලීසිය සැක පළ කරයි.

අතුරුගිරිය පෝරේ බොරලුගොඩ රබර් වත්ත ප්‍රදේශයේ නිවසකදී, මියගිය පුද්ගලයාට පහරදී ටයර් දමා පුළුස්සා ඇති බව ප්‍රශ්න කීරිම්වලිදී වැඩිදුරටත් අනාවරණ වී ඇත.

ඒ අනුව පිළියන්දල, මඩපාත, ‍පොල්වත්ත ප්‍රදේශයේදී යකඩ  පොල්ල කින් පහරදී ප්‍රසාද් ජනක ඝාතනය කර පසුව වෑන් රථයෙන් අතුරුගිරිය  පෝරේ ප්‍රදේශයට රැගෙන විත් තිබේ. ‍පෝරේ කනත්තට මෙම මෘත ශරීරය රැගෙන විත් පෙට්‍රල් දමා මුහුණ විරූපි වන ආකාරයට පුලුස්සා ඇත.

පසුව හඳුනා ගැනීමට අපහසු වනසේ පිලිස්සූ මෙම මළ සිරුර එදින රාත්‍රියේදී කැලණි ගඟට දැමීමට රැගෙන යාමේදී සැකකරුවෝ ‍පොලිසියට කොටු වී ඇත. එම සැකකරුවන් දෙදෙනා ඝාතනයට ලක්වූ තැනැත්තාගේ මස්සිනාලා දෙදෙනා වන බවද ‍පොලිසිය පවසයි.

අතුරුගිරිය පොලීසිය සිද්ධිය පිළිබද වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ.

0 comments:

Post a Comment