Pages

Subscribe:

Ads 468x60px

ලිංගිකත්වය වෙනස් කරපු විදුහල්පති (Photos)


ඉන්දියාව ඉහළ සංස්කෘතික විවිධත්වයකට උරුමකම් කියන රටක්. ඒ නිසාම, අමුතු ආකාරයේ පුවත් බොහෝ විට ඉන්දියාවෙන් වාර්තා වනවා.

උපතින් ලද ස්ත්‍රී පුරුෂභාවයට අභියෝග කරමින් තමන්ට අවශ්‍ය කරන ලිංගිකත්වය තෝරාගත් පුද්ගලයෝ ඉන්දියාව තුළ බහුලව වාසය කරනවා. නමුත් සමාජයේ දී ඔවුන් හට සාමාන්‍ය ලිංගිකත්වයක් ඇති
අයට හිමිවන සැලකීම හිමි වන්නේ නැහැ. මේ නිසාම විපර්‍යාසිත ලිංගිකයන් සම අයිතීන් ඉල්ලා සිදුකෙරෙන උද්ඝෝෂණ පවා ඉන්දියාව තුළ බහුල යි.

ස්ත්‍රීත් නොවන පුරුෂත් නොවන තෙවන ලිංගිකත්වයට සම අයිතීන් ලබා දීමෙහි සුබ ලකුණක් ලෙස, විපර්‍යාසිත ලිංගික අයෙකුට විදුහල්පති තනතුරක් හිමිව තිබෙනවා. ඒ ඉන්දියාවේ පළමු වරට යි. 


පසුගිය වසරේ ඉන්දීය අධිකරණය විසින් ගන්නා ලද ඓතිහාසික තීන්දුවකට අනුව ඉන්දියාවෙහි තෙවැනි ලිංගිකත්වයක් ඇති බව නීත්‍යානුකූලව පිළිගෙන තිබෙනවා. 

එම අධිකරණ තීන්දුවෙන් පසු තෙවන ලිංගිකත්වයට හිමිකම් කියන විපර්‍යාසිත ලිංගිකයන්ට රැකියා අවස්ථා, අධ්‍යාපන අවස්ථා ආදියෙහි සම අයිතීන් ලැබිය යුතු බවට රජය විසින් නියෝග කර තිබෙනවා.

එයට අනුව, මෙම විදුහල්පති තනතුර හිමි වූයේ මනාබි බන්දුපධ්‍යා නම් අයෙකුට යි. උපතින් පිරිමියෙකු වූ මනාබි හට දිගින් දිගටම දැනී ඇත්තේ තමන්ගේ සිතුම් පැතුම් කාන්තාවකගේ වැනි බව යි. 


අවසානයේ දී ලිංගිකත්වය වෙනස් කරගැනීමේ ශල්‍යකර්මයකට මුහුණ දීමට මනාබි තීරණය කර ඇත්තේ 2003 වසරේ දී. එදා සිට තමන් හට මිතුරන්ගෙන්, ගුරුවරුන්ගෙන් මෙන්ම තම දෙමාපියන්ගෙන් පවා විවිධ කෙනෙහිලිකම්වලට ලක්වීමට සිදු වූ බව මනාබි පවසනවා. 

කෙසේ වුවත්, අවසානයේ දී තමන් වැනි වූ අයටත් ඉන්දීය සමාජය තුළ සම හිමිකම් ලැබීම ඇරඹීම, තමන් හට බොහෝ සතුට ගෙන දෙන්නක් බව මනාබි ප්‍රකාශ කළා.


0 comments:

Post a Comment