Pages

Subscribe:

Ads 468x60px

තඹුත්තේගම කැළඹූ අද්භූත පුද්ගලයින් පිළිබඳව ඇත්ත හෙළිවෙයි


තඹුත්තේගම - රාජපක්ෂගම පැතිර යන අද්භූත, අමානුෂික රූපයක් දිස්වීමේ සිද්ධිය මානසික රෝගයක් බව අධිමනෝ විද්‍යා පර්යේෂණ සංගමයේ සභාපති මනෝ විද්‍යාඥ පී.එන්. විද්‍යාකුලපති පවසනවා.
රාජපක්ෂගම ගම්මානයේ ගම්වැසියන් දින කිහිපයක සිටම අමනුෂ්‍ය රූපයක් ගම්මානය පුරා දිස්වන බවට පවසමින් බියට පත්ව සිටියා.

ඊයේ (19) පෙරවරුවේ තඹුත්තේගම රාජපක්ෂ ගම්මානයට පැමිණි අධි මනෝ විද්‍යා පර්යේෂණ සංගමයේ සභාපති මනෝ විද්‍යාඥ පී.එන්. විද්‍යාකුලපති එම ගම්මානයේ පවතිනවා යැයි පැවසෙන අමනුෂ්‍ය

බලපෑම් පිළිබඳ සොයා බැලීමක් සිදුකළා. ඔහු එහිදී අදාළ අමනුෂ්‍ය රූපය දැකීමෙන් බියට පත්ව සිටි පිරිස් ද මුණ ගැසුණා.


අනතුරුව ගම්වැසියන් බියට පත්වූයේ යැයි පැවසෙන ස්ථාන ද විද්‍යාකුලපති මහතා නිරීක්ෂණය කළා. ඔහු එහිදී ගම්මානයේ පිහිටි සොහොන් භූමිය ද නිරීක්ෂණයක නිරත වුණා. අනතුරුව ඔහු කියා සිටියේ මෙය මානසික රෝගී තත්ත්වයක් බවයි.

මේ අතර, මාතලේ ශ්‍රී විද්‍යානන්ද මහා පිරිවෙනේ විහාරාධිකාරී, රජරට විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය ආචාර්ය පූජ්‍ය ඔලගන්වත්තේ චන්ද්‍රසිරි හිමියන් ද රාජපක්ෂ ගම්මානයට ඊයේ පැමිණියා.

උන්වහන්සේ ද එහිදී අමනුෂ්‍ය බලපෑමෙන් පීඩාවට පත්ව සිටිනවා යැයි පැවසෙන පුද්ගලයින් හමුවුණා. අනතුරුව පූජ්‍ය ඔලගන්වත්තේ චන්ද්‍රසිරි හිමියන් සදහන් කළේ ඇතැම් කට්ටඩියන් මෙවැනි සිදුවීම්වලින් වාසි
ලබා ගැනීමේ තත්ත්වයක් මතුව ඇති බවයි.

එහි හිරු වීඩියෝව පහතින්.

0 comments:

Post a Comment