Pages

Subscribe:

Ads 468x60px

තාජුඩීන් ඝාතනයට දේශපාලක පුතෙක්‌ ළඟදීම අත්අඩංගුවට


ප්‍රසිද්ධ රගර් ක්‍රීඩකයකු වූ තාජුඩීන් අබිරහස්‌ අන්දමින් ඝාතනය කිරීම සහ මාධ්‍යවේදී ප්‍රදීප් එක්‌නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධීන්වලට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් මේ වනවිට හඳුනාගෙන ඇත.

තාජුඩීන් මහතා පැහැරගෙන ගොස්‌ පහරදී ඝාතනය කර මෝටර් රථය තුළට දමා ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ප්‍රබලම දේශ

පාලනඥයකුගේ පුත්‍රයකු ළඟදීම අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇති බව පොලිස්‌ ආරංචි මාර්ග පැවසීය.

මෙම දේශපාලක පුත්‍රයාගේ අවශ්‍යතාව මත තාජුඩීන් ඝාතනය කර ඇති බවට වැදගත් තොරතුරු රැසක්‌ මේ වනවිට අනාවරණය වී තිබේ.

මෙම ඝාතනය සිදුකර ඇත්තේ හිටපු ප්‍රබල දේශපාලනඥයකුගේ රියෑදුරකු ඇතුළු කණ්‌ඩායමක්‌ විසින් බවද හෙළි වී ඇත.

තාජුඩීන් ඝාතනයට අදාළ සාක්‍ෂි සියල්ල මේ වනවිට ලබාගනිමින් සිටින බවද පොලිස්‌ ආරංචි මාර්ග පවසයි.

මේ අතර ප්‍රදීප් එක්‌නැලිගොඩ මහතා පැහැරගෙන ගොස්‌ අතුරුදන් කිරීමේ සිද්ධියට සම්බන්ධ වූ පුද්ගලයන්ගේ බවට සැක කරන ජංගම දුරකථන අංක 22 ක්‌ මේ වනවිට පොලිසිය වෙත ලැබී තිබේ.

තාජුඩීන් ඝාතනය සිද්ධිය සම්බන්ධයෙන් මුලදී කෙරුණු පොලිස්‌ පරීක්‍ෂණ විධිමත් ආකාරයට නොකිරීම නිසා ඊට සම්බන්ධ අපරාධ කාරයන් අත්අඩංගුවට ගැනීම ප්‍රමාද වීමට හේතු වී ඇති බව පොලිසිය පවසයි.

තාජුඩීන් මහතා ගමන් ගත් මෝටර් රථය කිරුළපන ප්‍රදේශයේදී ගිනිගෙන විනාශ වූ අතර එහිදී ඔහු රථය තුළම මියගොස්‌ සිටියේය.

තාජුඩීන් මහතාගේ මරණය හදිසි අනතුරක්‌ නිසා සිදුවූ බව පොලිසිය එවකට කළ පරීක්‍ෂණවලින් හෙළි කර ගෙන තිබුණේය.

එහෙත් වර්තමාන රජය බලයට පත්වීමෙන් පසු පොලිසිය කළ විමර්ශනවලින් හෙළි වූයේ තාජුඩීන් මහතා ඝාතනය කර පසුව ඔහු ගමන් ගත් මෝටර් රථයට සිරුර දමා ගිනි තබා ඇති බවයි.

0 comments:

Post a Comment