Pages

Subscribe:

Ads 468x60px

මගේ පන්සල් යැම නතර කරන්න ඔය කාටවත් බෑ

"මගේ ආරක්‍ෂාව අඩුකරලා. මට ආරක්‍ෂාව ඇතත් නැතත් මගේ පන්සල් යැම නතර කරන්න ඔය කාටවත් බැහැ. මම දන්නව අපේ ජනතාව මට ආරක්‍ෂාව සලසනවා. 

පසුගිය කාලේ මේ ප්‍රදේශයේ ඇතිවූ සංවර්ධනය ගැන සමහරුන්ට තියෙන්නේ ඉරිසියාවක්‌. 

අද හම්බන්තොට කිව්වම ලෝක පූජිත නගරයක්‌ වෙලා. මත්තල කිව්වම මුළු ලෝකෙම දන්නව ජාත්‍යන්තර ගුවන්තොටුපළක්‌ කියල. ඕනෑම ලොකු ගුවන් යානයක්‌ මෙහාට ගේන්න පුළුවන් කියන එක කවුරුත් දන්නව..."

සූරියවැව බැද්දේවැව පුරාණ විහාරස්‌ථානයේ 22 වැනි දින සවස පැවැති බෝධි පූජාවකට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහභාගි වීමෙන් අනතුරුව රැස්‌ව සිටි පිරිස අමතා ඒ මහතා ඉහත ප්‍රකාශය කළේය.

විහාරස්‌ථානයේ සමාධි බුද්ධ ප්‍රතිමාවක්‌ ඉදිකිරීම සඳහා ද මහින්ද රාජපක්‌ෂ මහතා මුල්ගලක්‌ තැබීය. මේ අවස්‌ථාවට වැඩමකර සිටි මහා සංඝරත්නය ජයපිරිත දේශනා කර හිටපු ජනාධිපතිවරයාට සෙත් පැතූහ.

මහින්ද රාජපක්‌ෂ මහතා තවදුරටත් මෙසේ පැවසීය.

"මත්තල වගේම සූරියවැව ගම්මානයත් අද ලෝකෙම ප්‍රසිද්ධයි. එදා සූරියවැව ප්‍රසිද්ධ වෙලා තිබුණේ වෙනත් දේවල්වලට. මම කියන්නේ

නැහැ මොනවටද කියලා... මෙහේ ක්‍රීඩාංගණය නිසා ලෝකෙම ප්‍රසිද්ධයි.

මේක ඉතාම ලස්‌සන ක්‍රීඩාංගණයක්‌. ඒ වගේම සූරියවැවට කර්මාන්ත ආව. ලංකාවේ කොම්පියුටර් හැදීම ආරම්භ වුණේ සූරියවැවෙන්. හම්බන්තොට වරායත්, මත්තල ගුවන් තොටුපළත් සම්බන්ධ කරගෙන ආර්ථික කලාපයක්‌ ගොඩනඟන්න අපි සූදානම් කරල තිබුණ. 

එතැනින් නොනැවතී මහාමාර්ග හැදුව. හැම අංශයකින්ම කර්මාන්ත ශාලා ආරම්භ කරලා රැකියා දෙන්න අපි සූදානම් කරල තිබුණේ. මම පාරවල් හදනකොට සමහරු මගෙන් ඇහුව මොකටද මෙච්චර ලොකුවට පාරවල් හදන්නේ කියල. අඩි අටක්‌ දහයක්‌ තිබුණම ඇති කියල සමහරු කිව්වා.

මේවා හැදුවේ අපේ ඉන්න දරුවන්ට හා ඉපදෙන්න ඉන්න දරුවන්ට. කොළඹ නගරයට වෙච්ච දේ හම්බන්තොට නගරයට වෙන්න දෙන්න බැහැ. ඒ නිසා අපි සැලසුම් හදන්න ඕන. කර්මාන්ත ශාලා මෙහේ වැටෙනකොට එන වාහන ප්‍රමාණය විශාලයි. 

ඒ නිසා ඒවාට සරිලන පාරවල් තියෙන්න ඕන. ඒ නිසා තමයි මංතීරු හයේ හතරේ පාරවල් හැදුවේ. මම මියන්මාර් ගිය වෙලාවෙ දැක්‌කා එහි නගරේ නිර්මාණය කරනකොට මංතීරු අටයි. සමහර ඒවා මංතීරු දහයයි. ඒ වුණාට අපේ රටේ තියෙන වාහන ප්‍රමාණයවත් මම දැක්‌කේ නැහැ. 

ඒ අය ඒවා හැදුවේ අනාගතය ගැන හිතලා. අද සමහරුන්ට කොහොම හරි පර්චස්‌ දහයක්‌ දීල මුඩුක්‌කුවක්‌ වගේ ගෙයක්‌ හදාගත්තම ඒක තමයි ලොකු වෙන්නෙ. තමන්ගේ දරුවන්ට, දරුවන්ගෙ දරුවන්ට රැකියා අවස්‌ථා ලැබෙන සැලසුම් සහගත කර්මාන්ත ශාලාවලට වඩා ඔවුන්ට වටින්නෙ පර්චස්‌ පහක දහයක ගෙයක්‌ හදාගෙන ඉන්න එක.

මට අවශ්‍ය නූපන් පරපුර වෙනුවෙන් රටක්‌ හදන්න. අවුරුදු 30 ක්‌ පැවැති යුද්ධය අපි ඉවර කළා. නිදහස ලබාදුන්න. ඒ නිදහස සිංහල ජාතියට මුස්‌ලිම් අයට විතරක්‌ නොව දෙමළ ජාතිකයන්ටත් තියෙනවා. ජාතික ආරක්‌ෂාව කෙරෙහි අපි අවධානය යොමු කළා. 


අපි ඇමැතිවරු පස්‌සෙ ගියේ නැහැ. ඒ නිසා තමයි ඔවුන්ට නිදහසේ කුමන්ත්‍රණ කරන්න පුළුවන් වුණේ. අපි වට්‌ටන්නත් ඔවුන්ට හැකි වුණේ ඒ නිදහස නිසයි. ප්‍රජාතන්ත්‍රවාදය විශ්වාස කරන අපි එක විනාඩි පහක්‌ උන්නෙ නැහැ. ප්‍රතිඵල එන්නත් කලින් ඒ නිල නිවසින් ආවා. ඒ නිසා තමයි අද ජනතාව අතරට එන්න අපට බයක්‌ නැත්තේ.

ධර්මපාලතුමා මේ රට වෙනුවෙන් විශාල සේවයක්‌ කළා. කියන්න තියෙන දේ නිර්භයව එතුමා කිව්වා. එදා හිටිය සමහර කණ්‌ඩායම්, සමහර පුවත්පත් එතුමාටත් හොරා හොරා කිව්වා. ආධාරවලින් ගැහුවා කිව්වා.


මේ රට ගැන කලකිරිල එතුමා ඉන්දියාවට ගියා. අද ඉන්දියාව ධර්මපාල දිනය සමරනවා. මුද්දරයකුත් ගැහුවා. එතුමා කිව්වා එතුමාගේ අළුවත් ශ්‍රී ලංකාවට ගේන්න එපා කියලා. ධර්මපාලතුමාටත් එහෙම කළා නම් අපට කොහොම කරයිද? 

ඒ වගේ තමයි අපි රටේ වරායවල් හදනකොට, ගුවන් තොටුපළවල්, පාරවල්, දුම්රිය පාරවල් හදල රට සංවර්ධනය කරනකොට හොරා හොරා කියනවා. ධර්මපාලතුමා ඉන්දියාවට ගියා. මම මැදමුලනට ගියා. මම ඔබ ළඟට ආව. මිනිසුන්ගේ චරිත ඝාතනය කරල මිනිසුන් ඝාතනය කරන්න බැහැ. අද සමෘද්ධිලාභීන්ගේ මුදල් අරගෙන හෙංචයියලාට බෙදනවා.

ගෙවල් ගානේ ෙµdaම්කොළ බෙදනවා. මැතිවරණ කාලවලට ඕවා බෙදනවා. මම නම් කිව්ව මගේ මැතිවරණ කාලවලදි ඕවා බෙදන්න එපා කියලා. ජොන්ස්‌ටන් ප්‍රනාන්දු මහතා, සතොසෙන් ණයට බඩු අරගෙන නියඟයකදී හරි ගංවතුරකදී හරි බෙදුව. ඒ මුදල් ගෙව්ව. ඒත් දැන් ඒක ප්‍රශ්නයක්‌ වෙලා. මේ වැඩවලට ජාතික ප්‍රතිපත්තියක්‌ තියෙන්න ඕන.

රටක සංවර්ධනය ජනතාවට. අපි යන යන තැන ලයිට්‌ කපනවා. අපි ආරම්භ කරපු වැඩ අපේ පරාජයත් එක්‌ක නතර කරල දැන් පටන් ගන්න මුල්ගල් තියෙනවා. ගම්වල අපි ආරම්භ කරපු පාරවල් වලටත් දැන් මුල්ගල් තියෙනවා. මේ ඇස්‌ බැන්දුම්වලට රැවටෙන්න එපා. 

ත්‍රස්‌තවාදය නැතිකළ එකම රට ශ්‍රී ලංකාව. ඒ නිසා ජාතික ආරක්‌ෂාවට මුල්තැන දිය යුතුයි. අපේ දරුවන්ට රටක්‌ තියෙන්න ඕන. ඒ රට රැකගන්න එක දෙමාපියන්ගේ වගකීමක්‌. ළමයින්ට හොඳ අධ්‍යාපනයක්‌ තියෙන්න ඕන. 

ඒ නිසා මහින්දෝදය විද්‍යාගාර ආරම්භ කළා විවිධ භාෂා ඇතිව. ඒවා විවෘත කරන්න ගියාම කියනවලු මහින්දෝදය කෑල්ල කපන්න කියලා. මේ විද්‍යාගාර විවෘත නොකර ගමේ දරුවන්ගේ අධ්‍යාපනයට බාධා කිරීම ජාතියට කරන ෙද්‍රහීකමක්‌.

කාගෙ බෝඩ් ගැහුවත් කමක්‌ නෑ මේවා විවෘත කරලා දරුවන්ගේ නුවණ පාදන්න. ජාත්‍යන්තර තරගයකින් ජයගත් සූරියවැවේ දුවටත් මම සුබ පතනවා.

0 comments:

Post a Comment