Pages

Subscribe:

Ads 468x60px

KFC අවන්හලට අපහාස කළ තරුණයාට වැඩ වරදියි - ප්‍රසිද්ධියේ සමාව ගන්න කියයි


කැලිෆෝනියාවේ කොම්ප්ටොන් හි KFC අවන්හලකින් ආහාර මිලදී ගත් පාරිභෝගිකයෙකු හට බැදපු කුකුල් මස් සමග මියෙක් ද සිට හසුවීමේ පුවතක් පසුගියදා වාර්තා විය. අදාළ  පුද්ගලයා ආහාර මිලදී ගැනීමෙන්
පසුව ඔහු දැක ඇත්තේ බැදපු කුකුල් මස් අතර නැට්ටක් වැනි යමක් ඇති මියෙකුගේ හැඩය ගත් දෙයක් ඇති බවයි. 

වහාම ඔහු මේ සම්බන්ධයෙන් එහි පාලනාධිකාරියට පැමිණිලි කිරීමෙන් පසුව එසැණින් එම අවන්හලේ නිලධාරීන් ඔහුගෙන් සමාව ඉල්ලා සිටියා. මෙම පුවත් එදින පැය කිහිපයක් යන්නට මත්තෙන් සමාජ ජාල වෙබ් අඩවිවල මහත් කතා බහට ලක්වූ පුවතක් වුණා.

කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරන ලද පරීක්ෂණ හේතුවෙන් එම බැදපු කුකුල් මස් සමග මියෙකුද සිටි බවට චෝදනා එල්ල කළ පුද්ගලයා බරපතල ගැටලුවකට මැදිව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඊට හේතුව වන්නේ මෙම නැට්ටක් වැනි යමක් සහිත බදින ලද මස් කැබැල්ල එරට පිහිටි ස්වාධීන පර්යේෂණාගාරයකදී විමර්ශනය කිරීම හේතුවෙන්.

එසේම ‍මියෙකුගේ හැඩය සහිතව තිබී ඇත්තේද බදින ලද කුකුල් මස් කැබැල්ලක් බවට එම පර්යේෂණාගාර වාර්තාවලින් හෙළි වී ඇති බවට වාර්තා වන බවයි හින්දුස්ථාන් ටයිම්ස් පුවත් සේවය පවසන්නේ. එසේම අදාළ KFC අවන්හලේ පාලනාධිකාරිය අදාළ පුද්ගලයාට දන්වා ඇත්තේ KFC ආයතනයෙන් ප්‍රසිද්ධියේ සමාව ලබාගන්නා ලෙසයි.





0 comments:

Post a Comment