Pages

Subscribe:

Ads 468x60px

නිව්ස් ගැන කියවෙන ලංකාවේ පලවෙනි නිව්ස් සිංදුව මෙන්න


නිවුස් කියන්නේ කොහොමත් උණුසුම් මාතෘකාවක්. සමහර අයට නිවුස් ඇහුවෙ නැහැයි කියන්නේ වේලක් කෑවෙ නෑ වගේ. රටේ ‍තොටේ ලෝකෙ ඕන තැනක සිද්ධ වෙන  අලුත් අලුත් සිද්ධි දැන ගන්න නම් නිවුස් අහන්නම වෙනවා.

එදාත් අදත් හෙටත් හැමදාකම නිවුස් ගැන මිනිස්සුන්ට තියෙන්නෙ හරි අලුත් හැගීමක්. අලුත් නිවුස් අහන්න අපි කවුරුත් කැමතියි.

අද කියන්න හදන්නෙත් අලුත්ම අලුත් නිවුස් එකක්. ඇත්තටම කියනව නම් මේක නිවුස් ගැන කියන සිංදුවක්. කොයි කොයි විදිහට නිවුස්
කිව්වත් අපි අද කියන්නේ නිවුස් වලින් හැදිච්ච අලුත්ම අලුත් සිංදුවක් ගැන. මේක තමයි ලංකාවේ පළවෙනි නිවුස් සිංදුව.

ඒ කියන්නේ පහුගිය කාලෙ ඇහිච්ච අමුතු අමුතු සිද්ධි එකතු කරල අලුත් විදිහිට කවුරුත් නොකරපු විදිහේ ලංකාවේ පලවෙනිම නිවුස් සිංදුව මේක.

මේ සිංදුව කියන්නේ රුසිරු දිසානායක. මිස් කෝල් එකයි, එම් සී එක ලග වගේම පහුගිය කාලේ අන්තර්ජාලය ඔස්සේ සෑහෙන ජනපිය වෙච්ච කොට්ටෙ හපන් සිංදුව කියන්නේත් රුසිරු තමයි. 

සිංදුව ලිව්වේ වෙනස් විදිහෙ වචන ටිකක් අමුතු විදිහට ගලපල කොට්ටෙ හපන් සිංදුව ලිව්ව තරංග රුක්ෂාන් ජයසේකරමයි. සංගීතය ශයන ප්‍රනාන්දුගෙන්.

අපි කිවුවනේ මේක නිවුස් ගැන කියන සිංදුවක් කියල. මේකෙ තියන විශේෂත්වය තමයි සිංදුව කියන රුසිරුයි, ලියපු තරංගයි දෙන්නම නිව්ස් වලට සම්බන්ධ අය. 

රුසිරු සහ  තරංග නිවුස් තමනගේ රස්සාව කරගත්ත දෙන්නෙක්. ලංකාවේ ජනපිය ගුවන්විදුලි නාලිකා කිහිපයකම නිව්ස් කාමර වල වැඩ කරල අත්දැකීම් තියන තරංග ලියපු මේ නිවුස් සිංදුව හරි අමුතු එකක් කියලයි අහපු අය කියන්නේ.

කොහොම හරි රුසිරුගේ මේ අලුත් නිවුස් සිංදුව අහල හොද නරක කියල නැගී එන තරුණ ගායකයෙක් වෙන රුසිරුව දිරිමත් කරනවනම් හරි කැමතියි කියලයි රුසිරු අපිට කිව්වේ. 

ඒ එක්කම මේ නිව්ස් සිංදුව නිව්ස් වගේ කාටවත් කඩේ යන්නවත්, කාගෙවත් රෙදි හෝදන්නවත්. කාටවත් මඩ ගහන්නවත් කරපු සිංදුවක් නෙමෙයි කියලයි රුසිරු අපිත් එක්ක වැඩිදුරටත් කිව්වේ.

රුසිරු අනිත් ගායකයින්ටත් මේවගේ නිවුස් සින්දුවක් කරන්න ආරාධනා කාරනාව.

“The News Song” එහෙම නැත්තම් “රට වට විත්ති” - මේ දවස්වල ඇහෙන එකම විදිහෙ සිංදු වෙනුවට වෙනස් විදිහේ රිද්මයක් තියෙන අපූරු වචන ටිකක් තියෙන ලස්සන සිංදුවක් වේවි.........

අහලම බලන්න.

0 comments:

Post a Comment