Pages

Subscribe:

Ads 468x60px

මනාලියක් මිනී පෙට්ටියෙන් ඇවිත් කසාද බැන්ද හැටි මෙන්න (ඡායාරූප බලන්න)


විවාහ උත්සවය සඳහා මනමාලිය මිනීපෙට්ටියකින් පැමිණි පුවතක් එංගලන්තයේ, ස්ටැෆර්ඞ්ෂයර්හි පල්ලියකින් වාර්තා වනවා.

මිනී පෙට්ටිය විවෘත කරනවාත් සමඟම ඒ තුළ සිටි මනාලිය දැක මනාලයාට ක්ලාන්තය දැනී තත්ත්පර කහිපයක් හදිසි රෝගී

තත්ත්වයකට මුහුණ දීමට සිදුවූ බව විදෙස් වාර්තා පවසනවා.

කෙසේවෙතත් සියල්ලන් මවිත කරමින් මිනීපෙට්ටියෙන් නැගී සිටි මනාලිය මනාලයා සමඟ කතා කරමින් පූජාව සඳහා සහභාගි වුණා.

58 හැවිරිදි ජෙනී බක්ලෆ් මෙලෙස මිනීපෙට්ටයකින් තම විවාහ උත්සවය සඳහා පැමිණියේ 51 හැවිරිදි ක්‍රිස්ටෝපර් ලොකර් නමැති සිය මනාලයාට ද මෙම සැලසුම පිළිබඳ කිසිවක් නොදන්වා වීම විශේෂත්වයක්.

ඇය සහිත මිනී පෙට්ටිය රැගෙන එන ලද්දේ ද මනාලියගේ සොයුරකුගේ යතුරු පැදියක් මගින්. මනාලයා මෙන්ම අමුත්තන් ද පුදුම කරවූ මනාලියගේ පැමිණීම පිළිබඳ පසුව සියල්ලෝම සිනාසෙමින්
උත්කර්ශවත් අයුරින් විවාහය සමරනු ලැබුවා.






0 comments:

Post a Comment