Pages

Subscribe:

Ads 468x60px

සතුන්ගෙන් බහුල ලෙඩ හදන රාගම රෝහල...


පවිත්‍රතාවය පිළිබඳ ගැටළු හේතුවෙන් රාගම ශික්ෂණ රෝහල, රෝග සුව කරන ස්ථානයක් වෙනුවට රෝග බෝ කරන ස්ථානයක් බවට පත්ව ඇතැයි එහි ප්‍රතිකාර ලබන රෝගීන් පවසති.

බල්ලන්, බළලුන් මෙන්ම මැසි මදුරු ගහනයෙන් ද ඉහල මෙම රෝහල අසල විශාල කුණු කඳු ද දැකිය හැකි අතර මෙම අපිරිසිදු තත්ත්වය නිසා රෝගීන් මෙන්ම රෝහල් කාර්ය මණ්ඩලය ද මහත් අපහසුතාවයකට

පත්ව තිබේ.

රෝහලෙහි වාට්ටු තුළ පවා සැරිසරන බල්ලන් හා බළලුන් ද රෝගී සතුන් බවත්, උන්ගේ ශරීර පණුවන්, මැක්කන් ආදී සතුන්ගෙන් ද බහුල බවත් රෝහල් සේවකයෝ පවසති.

එමෙන්ම මීට දින කිහිපයකට පෙර රෝගියෙකු බැලීමට පැමිණි පුද්ගලයෙක් ද බල්ලෙකු විසින් දරුණු ලෙස සපා කා ඇති බවට ද වාර්තා වනවා.

රෝහලෙහි පවිත්‍රතා කටයුතු භාර දී ඇත්තේ පිටස්තර පුද්ගලික සමාගමක ට බවටත්, එම සමාගම විසින් පිරිසිදු කිරීමේ කටයුතු නිසි පරිදි සිදු නොකරන බවටත් රෝහල් බලධාරීන් චෝදනා කරන අතර ශල්‍යාගාර වල පිරිසිදු කිරීමේ කටයුතු නිසි පරිදි සිදු නොවීම නිසා ශල්‍යකර්ම සිදු කිරීම පවා ගැටළුකාරී තත්ත්වයක පවතින බවයි ඔවුන් වැඩි දුරටත් ප්‍රකාශ කරන්නේ.

0 comments:

Post a Comment