Pages

Subscribe:

Ads 468x60px

ඇඳ සිටි කමිසය මෙන්ම කලිසමද සමග ගෙහිමියා ඇට සැකිල්ලක් වන තුරු නොදත් වැලිකඩ ඛේදවාචකය(පින්තුර)


වැලිකඩ, ධර්මපාල පෙදෙසේ සිල්වා පටුමගේ් නිවසක් තුළ තිබියදී හමුවූ නිවෙස් හිමිකරුගේ ඇටසැකිල්ල සම්බන්ධයෙන් අද(23) පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතව තිබෙනවා.

මෙම ඇටසැකිල්ල පෙරේදා (21) පස්වරුවේ සොයා ගන්නා ලද්දේ ඔහුගේ නැගණිය විසින් කරන ලද දැනුම් දීමකට අනුවයි.

බුලත්සිංහලගේ සුගත් කුරේ නම් වන 55 හැවිරිදි මෙම පුද්ගලයා බිරිඳ ගෙන් සහ දරුවන්ගෙන් වෙන්ව වසර 20ක්  පමණ මෙම නිවසේ තනිව

වාසය කර තිබෙනවා.

පසුගිය  මාර්තු මාසයෙන් පසුව නැගණියට ද  ඔහු හමුවී නොමැති අතර  ඇය සොහොයුරා බැලීමට පැමිණි අවස්ථාවේ නිවස තුළ මිනිස් ඇටසැකිල්ල තිබෙනු දැක පොලිසියට දැනුම් දී තිබෙනවා.

මොහු අවසන් වරට ඇඳ සිටි කමිසය මෙන්ම කලිසම ද සමග  ඇටකටු කාමරයක ඇඳක් මත තිබූ බව වැලිකඩ ‍පොලිසිය පවසනවා.

මෙලෙස මාස කිහිපයක් ගත වන තුරු නිවැසියා නොමැති බව කිසිවකුත් නොදැන සිටීම විමතියට කරුණක් බව ප්‍රදේශවාසීන් සඳහන් කළා.



 
 
එහි හිරු වීඩියෝව පහතින්.

0 comments:

Post a Comment