Pages

Subscribe:

Ads 468x60px

තමාගෙන් බේරුණත්, දෙවියන්ගෙන් බේරුමක් නෑ - මර්වින් මෛත්‍රීට යැවූ ලිපිය මෙන්න.


හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වා මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කැලණිය ආසනයේ සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වන බව දන්වමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

රාජපක්ෂවරුන්ගේ කුමන්ත්‍රණයට හසු වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉන් මුදා ගත හැක්කේ වර්තමානයේ එහි සභාපති ධුරය දරන ජනාධිපති මෛත්‍රී පාල සිරිසේන මහතාට බවත් හිටපු ජනපති ඔසවා තැබීමට ක්‍රියා කළ

කිහිපදෙනෙකු සහ බැසිල් රාජපක්ෂ මහතා නාම යෝජනා ලබාදීමේ බලය සියතට ගැනීම නිසා තමන්ට අසාධාරණයක් සිදු වූ බවත් ඔහු සිය ලිපියේ සඳහන් කර තිබේ.

සන්ධාන මහ ලේකම්වරයාගේ නිවසේ පැවති හමුවට බැසිල් රාජපක්ෂ මහතා පැමිණීම විද්‍යුත් මාධ්‍ය ඔස්සේ වාර්තා කිරීම එය සනාථ කිරීමට ඇති හොඳ ම සාක්ෂිය ලෙස මර්වින් සිල්වා මහතා පෙන්වා දෙයි.

රාජපක්ෂවරුන් පෙරමුණට ගෙන ඒමට ක්‍රියා කළ තමන්ට නාම යෝජනා නොදී සිටීමට කිසිඳු හේතුවක් නොමැති බව ද ඊට මුල් වී ඇත්තේ බැසිල් රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම ත් පසුගිය ජනාධිපතිවරණයේදී කැලණිය ආසනය පරාජයට පත් කිරීමත් හංසයා ලකුණ ජයග්‍රහණය කිරීමට කටයුතු කිරීමත් බව ද එම ලිපියේ දැක්වේ.

මෙම සියලු කාරණා හේතු කොටගෙන තමන් කැලණිය ආසනයේ සංවිධායක ධුරයෙන් ඉවත් වීමට ජනාධිපතිවරයාගෙන් අවසර ඉල්ලා සිටින බව ද එම ලිපියේ සඳහන් වේ.

රාජපක්ෂවරුන්ගෙන් සහ විවිධ පක්ෂවල සිටින කුමන්ත්‍රණ කරුවන් ගෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුදාගත් දිනක තමන් නැවතත් සේවය කිරීමට පැමිණෙන බවත් තමා වෙනුවෙන් කැප වූ ජනයාට හිස නමා ආචාර කරන බවත් මර්වින් සිල්වා මහතා සඳහන් කර ඇත.

තමාට කළ අසාධාරණය සම්බන්ධයෙන්, තමාගෙන් බේරුණත්, දෙවියන් ගෙන් බේරුමක් නොමැති බවද ඔහුගේ ලිපිය අවසානයේ සඳහන් කර තිබේ.

0 comments:

Post a Comment