Pages

Subscribe:

Ads 468x60px

ෆේස්බුක් තමයි ඔක්කොම කරන්නෙ - නිමල්


දේශපාලන පක්ෂ වල අර්බුද තිබුණත්, පසුගිය මැතිවරණයේදි මෙන් ෆේස්බුක් ප්‍රෝඩාවට යට නොවී ඡන්ද භාවිත කරන්නැයි හිටපු විපක්ෂ නායක නිමල් සිරිපාලද සිල්වා පැවැසීය. ඊයේ (16දා) බදුල්ල නිදහස් පක්ෂ කාර්යාලයේ පැවැති තරුණ හමුව අමතමින් ඔහු එම අදහස් දැක්වීය.

"ජනවාරි 8 වැනිදා පරාජයෙන් පරාජයට පත් වුණේ මහින්ද රාජපක්ෂ මැතිතුමා හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පමණක් නෙවෙයි. මේ රටේ ජනතාවත් පරාජයට පත් වුණා. එදා සමහර අය හංසයාට ගැහැව්වා පොඩි වෙනසකට කියලා. දැන් වෙනසේ තරම තේරෙනවා. අපි මේ වෙනස

අනිත් පැත්තට හරවන්න තවත් වෙනසක් කරන්නට ඕනි.

දේශපාලන පක්ෂවල ප්‍රශ්න හා අර්බුද තියෙනවා. දේශපාලන පක්‍ෂ හොඳට තිබුණත් මනාප ගහන්න ගියාම ප්‍රශ්න හා අර්බුද තියෙනව. බොරු ප්‍රෝඩාවලට රැවටෙන්න එපා. ෆේස්බුක් ප්‍රෝඩාවට රැවටෙන්නත් එපා. ගියසැරේ රැවටුණා. මේ සැරේ එහෙම රැවටෙන්නේ නැතිව තමුන්නාන්සේලාගේ පෙලගැසෙන්න"

තමන්ගේ ආසනයද පරාජයට පත් වුවද අගමැති සිහින දරා සිටිනා නිමල් සිරිපාලට මෙසේ කිව හැකිය. එහෙත් මහින්ද රාජපක්ෂ අගමැති වුවද නිමල් සිරිපාලට ඔයිට වඩා දෙයක් දෙන්නේ නැත.

0 comments:

Post a Comment