Pages

Subscribe:

Ads 468x60px

‘මට හරි ආසයි අනුර දිසානායකව හම්බවෙන්න - සුනිල් පෙරේරා ස්වේච්ඡාවෙන් ජවිපෙ සමුළුවට!


ශ්‍රී ලංකාවේ නිර්භීත හා අපක්ෂපාතී කලාකරුවන් අතර ප්‍රමුඛස්ථානයක ලා සැලකිය හැකි ජිප්සීස් ගායක කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා ජනතා විමුක්ති පෙරමුණේ ආරාධනාවකින් තොරව ස්වේච්ඡාවෙන් මෙවර ජවිපෙ වාර්ෂික මහ සමුළුව සඳහා සහභාගි වීමට නියමිත  බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටී.

ජනතා විමුක්ති පෙරමුණේ වාර්ෂික මහා සම්මේලනය ජුලි මස 22 වන දින කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිත වේ.

මේ පිළිබඳව තම හිතවතුන්ට අදහස් දක්වා ඇති සුනිල් පෙරේරා මහතා පවසා ඇත්තේ තමා ජවිපෙ මහ සමුළුවට සහභාගි වන්නේ සාමාන්‍ය

පුද්ගලයෙකු ලෙස බවයි. මේ වන විට ප්‍රධාන පක්ෂ දෙකෙන්ම බැට කා අසරණ වී ඇති මිනිසුන්ට ඇති එකම විකල්පය ලෙස පෙනී යන්නේ ජනතා විමුක්ති පෙරමුණ පමණක් බව ජිප්සීස් නායකයාගේ අදහසයි.

මහාචාර්ය සරත් විජේසූරිය විසින් ඊයේ (15) නුගේගොඩ පැවති පුරවැසිබලය රැස්වීමේදී පවසා තිබුනේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊළඟ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකයා වනු දැකීම තමන්ගේ අපේක්ෂාව බවයි. 


එම රැස්වීමට සහභාගි වූ ජිප්සීස් නායක සුනිල් පෙරේරා රැස්වීමට පැමිණ සිටි ආරාධිතයන් හමුවේ පවසා ඇත්තේ ‘මට හරි ආසයි අනුර දිසානායකව හම්බවෙන්න. තාම මට එයාව හම්බවෙලා නෑ. මම මේ ගමන ඒ ගොල්ලන්ගෙ සමුළුවට යන්න හිතාගෙන ඉන්නෙ. එදාටවත් හම්බ වෙයිද දන්නෑ' කියාය. 

පුරවැසි බලය රැස්වීම සඳහා සහභාගි වූ විද්වතුන් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක හදුන්වා තිබුනේ ‘ලංකාවේ ඇලෙක්සීස් සිප්රාස් ' (ග්‍රීසියේ අගමැති) යනුවෙනි. කරවටක් අර්බුදයේ ගිලී තිබූ ග්‍රීසිය යම් පමණකින් හෝ ගොඩ ආවේ ‘ලිබරල්වාදී වාමාංශික' ඇලෙක්සිස් සිප්රාස් ගේ හැකියාවෙනි.


එහි තවත් පුවත් පහතින්.

මහින්ද රාජපක්ෂ හිටපු ජනපති බලයට පත් වනවාට තමා බය යැයි ද, ඔහුගේ ආණ්ඩු සමයේ දැඩි මර්දනයක් පැවැති බව ද, ආණ්ඩුවට එරෙහිව කතා කරන පිරිස් මර්දනය කළ බව ද ජිප්සිස් නායක සහ ප්‍රසිද්ධ ගායක සුනිල් පෙරේරා මහතා කියයි.

සමාජ ශාලාවක දී තමා ගීතයක් ඝාතනය කළ පසු එහි සිටි පුද්ගලයකු තමාට පහර දුන් බවත්, ඔහු හිටපු ජනපතිගේ ඥාතියකු බවත් සුනිල් පෙරේරා සඳහන් කරයි.

මහින්ද නැවත දේශපාලනයට ඒම හරියට පොලිස්පති විශ්‍රාම ගොස් නැවත කොස්තාපල්වරයකු ලෙස සේවයට එනවා වගේ වැඩක් යැයි ද ඔහු පවසයි.

ඔහු මේ බව කීවේ ස්වර්ණවාහිනියේ වැඩසටහනකට සහභාගී වෙමිනි.  


0 comments:

Post a Comment