Pages

Subscribe:

Ads 468x60px

වෙනම තරග කරමුයි කිව්වාට ඇහුවේ නෑ - සන්ධානයෙන් තරග කරන්න ගොහින් මදැයි කෙලව ගත්තා.


වෙනම තරග කරමුයි කියා තමන් ඇතුළු පිරිස දැඩිව කිව් නමුත් මහින්ද රාජපක්ෂ සන්ධානයෙන්ම තරග කළ යුතු යැයි කියා මෛත්‍රීපාලගේ කොන්දේසි වලටත් යටත් වී නාම යෝජනා අරගෙන ඔය දැන් කෙළවා ගත්තේ යැයි, පෙරේදා දිනයේ පටන් ඊයේ රාත්‍රිය දක්වා කාලය තුල විටින් විට පැවැති සාකච්ඡා අතරේදී සන්ධානයෙ නායකයන් අතර
කසුකුසුවක් ගොස් තිබේ. විමල් වීරවංශ, ඩලස් අලහපෙරුම ආදී පිරිසක් අතරින් මේ කතාව වැඩිපුර අසන්නට ලැබී තිබේ.

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ විශේෂ ප්‍රකාශයත් සමඟ තමන් බරපතල අර්බූදයකට ලක්ව ඇති බවත් ශ්‍රීලනීපයේ ඡන්ද දායකයා හමුවට ගොස් කියන්නේ කුමක්දැයි ශ්‍රී ලනීප අපේක්ෂකයන් මහින්ද රාජපක්ෂගෙන් විටින් විට කළ ප්‍රශ්න කිරීම නිසා මේවන විට ඔහු වියරු වැටී ඇති බවත් ශ්‍රී ලනීප අපෙක්ෂකයකු අප වෙත පැවසීය.

තම පක්ෂයේ නායකයාට එරෙහිව තමන්ට ශ්‍රී ලනීප සාමාජිකයන්ට කරුණු දැක්වීම කල නොහැකි බවත් මහින්ද රාජපක්ෂට ජනාධිපතිවරයා විසින් අගමැති තනතුර නොදෙන බවත් ප්‍රකාශ කර ඇති විට මහින්ද තමයි අපෙ නායකයා යැයි කිව නොහැකි බවත් ඔවුන් පෙන්වා දෙයි.

එමෙන්ම මේවන විට නීති විශාරදයි පෙන්වා දී ඇති පරිදි 19 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව මහින්ද රාජපක්ෂට කෙසේවත් අගමැති තනතුර තබා කතානායක තනතුරවත් දැරීමට නීතිමය අයිතියක් නොමැති වීමෙන් ජනතාව හමුවේ බොරු කියා පච වන්නට තමන්ට නොහැකි බවත් ඔවුන් පවසයි.

0 comments:

Post a Comment