Pages

Subscribe:

Ads 468x60px

‘මැතිවරණ කොමසාරිස්ට කියන්න ෆේස් බුක් පිටුවක්


රටපුරා සිදුවන මැතිවරණ නීති කඩ කිරීම් පිළිබඳ ක්ෂණයකින් මැතිවරණ කොමසාරිස් වරයා දැනුම්වත් කළ හැකි ආකාරයේ කොමසාරිස්ට කියන්න අර්ථය ඇති "tell commissioner" නමින් ෆේස් බුක් පිටුවක් නිර්මාණය කැර ඇත. 

වර්තමානයේ සමාජ ජාල වෙබ් අඩවි වඩාත් ජනප්‍රිය වීමත් එවැනි වෙබ් අඩවි ඔස්සේ විශාල තොරතුරු ප්‍රමාණයක් ඉතා වේගවත්ව ජනතාව අතර
හුවමාරු වීමත් සිදුවේ. 

මැතිවරණ කාලයේ දී සිදුවන නීති කඩකිරීම් ඉතා ඉක්මණින් මැතිවරණ කොමසාරිස්වරයාගේ අවධානයට යොමු කිරීමටත් නීති රීති හා මැතිවරණ ක්‍රමවේදය පිළිබඳ ඡන්දදායකයන් දැනුම්වත් කිරීමටත් මෙම ෆේස්බුක් පිටුව මහත් රුකුලක් වනු ඇතැයි මැතිවරණ කාර්යාල නිලධාරීන් පවසයි.

මෙම පිටුවවෙත පිවිස මැතිවරණය සම්බන්ධයෙන් තමන් අසන දකින ඕනෑම දෙයක් සටහන් කිරීමට ෆේස්බුක් භාවිතා කරන්නන්ට අවස්ථාව ලැබෙයි.

එහි සබැඳිය පහතින් දක්වා ඇත


https://www.facebook.com/groups/tellcommissioner/?fref=ts

0 comments:

Post a Comment