Pages

Subscribe:

Ads 468x60px

ප්‍රසිද්ධ නිලියගේ පිහිනුම් තටාකයේ තරුණයෙකුගේ මළසිරුරක්


ප්‍රසිද්ධ නිලියකගේ නිවසක පිහිනුම් තටාකයේ තිබී මළ සිරුරක් හමුවී තිබෙනවා. මියගොස් ඇත්තේ වයස අවුරුදු 21 ක් පමණ වන පිරිමි පුද්ගලයෙකු  බවයි වාර්තා වෙන්නේ.

ඔහු මෙම නිවසේ සේවය කළ අයෙකු බව පොලීසිය විශ්වාසය පළ කරනවා. පොලීසිය අදාළ ස්ථානයට පැමිණ ඇත්තේ ආගන්තුක යමක් පිහිනුම් තටාකයේ පාවෙමින් ඇතැයි අසල්වාසීන් කළ දැනුම් දීමකට

අනුවයි. 

රංගන ශිල්පිනි ඩෙමී මෝරේ හෝ ඇගේ දරුවන් තිදෙනා ඒ වනවිට නිවසේ රැදි සිට නැහැ. මේ වනවිට 52 වන වියේ පසුවන ඩෙමී මෝරේ සිය කලින් ස්වාමි පුරුෂයා වූ ඇස්ටන් කුචර් සමග එක්ව අදාළ ලොස්ඇන්ජලීස් නුවර  පිහිටි නිවස මිළදී ගෙන තිබෙනවා.

එක් සමයකදි හොලිවුඩයේ ඉහළම ගාස්තු අයකළ රංගන ශිල්පිනියක ලෙසද ඇය ප‍්‍රකටව සිටි බවයි බී බී සී ලෝක සේවය කියා සිටියේ. චාලීස් ඒන්ජල්ස් ඇතුළු අතිශය ජනපි‍්‍රය වූ හොලිවුඞ් චිත‍්‍රපට ගණනාවකට ඇය රංගන දායකත්වය ලබාදී තිබෙනවා.


 

0 comments:

Post a Comment