Pages

Subscribe:

Ads 468x60px

අන්තිමට පිල්මාරු කල පබා එල්ලෙයි කමල් හැලෙයි


ගම්පහ දිස්ත‍්‍රික්කයෙන් මෙවර මහමැතිවරණයට තරග කිරීම සඳහා අද (13) දහවල් නාමයෝජනාවලට අත්සන් තැබු බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීනි උපේක්‍ෂා ස්වර්ණමාලි මහත්මිය පවසනවා. තමන්ට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ දිවුලපිටිය සම සංවිධායක ධූරය ද ලැබුණු බවයි උපේක්‍ෂා ස්වර්ණමාලි මහත්මිය අප වෙත කියා සිටියේ.

පසුගිය මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් ගම්පහ දිස්ත්‍රික්කයට තරග වැදුනු උපේක්ෂා ස්වර්ණමාලී මනාප ලයිස්තුවේ

පළමුවැනියා වූ අතර, පසුව පිල්මාරු කරමින් එක්සත් ජනතා නිදහස් සංධානයට එක් වුණා.

මේ අතර එක්සත් ජාතික පක්‍ෂයෙන් මෙවර මහමැතිවරණයට ඉදිරිපත් වනු ඇතැයි වාර්තා පළ වු රංගන ශිල්පි කමල් අද්දරාරච්චි මහතාට නාමයෝජනා හිමිවී නැහැ. තමන් රත්නපුර දිස්ත‍්‍රික්කයෙන් මෙවර මහමැතිවරණයට තරග කරන බව කමල් අද්දරාරච්චි මහතා මීට පෙර ප‍්‍රකාශ කර තිබුණා.

0 comments:

Post a Comment