Pages

Subscribe:

Ads 468x60px

සෝමරත්න තනතුර අත්හරී - රූපවාහිනියට හොඳ කලක්


ලබන මස 03 වැනිදා සිට තම ආයතනයට හොඳ කලක් උදාවන බව ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සේවකයෝ පවසති. පසුගිය මරා පාලන සමයේ රූපවාහිනී සංස්ථාව අන්තයටම පිරිහී ගිය බවත් මේ වනවිටත් එම තත්ත්වයෙහි සැලකිය යුතු වෙනසක් නොමැති බව පවසන ඔවුන් ලබන
03 වැනිදා වත්මන් සභාපති සෝමරත්න දිසානායක මහතා තනතුරින් ඉල්ලා අස්වීමට නියමිත බැවින් ඉන් පසු තම ආයතනයට හොඳ කලක් උදාවීම අනිවාර්ය බවත් ඔවුහු වැඩිදුරටත් පවසති.

අද (30) උදෑසන පැතිර ගිය ආරංචියකින් කියවුනේ සෝමරත්න දිසානායක මහතා සභාපති තනතුරෙන් ඉල්ලා අස්වීමට යන බවයි. එහෙත් බොහෝදෙනා එය විස්වාස කළේ නැත. එයට හේතුව ඔහු පවසන දේ බොහෝ දෙනා එතරම් ගණන් නොගන්නා බැවිනි.

රූපවාහිනී සංස්ථාවේ සභාපතිවරයා අද සවස මාධ්‍ය හමුවක් පවත්වමින් තම තීරණය නිළවශයෙන් දැනුම් දුන්නේය. ඒ අනුව ඔහු ලබන 03 වැනිදා සිට තම සභාපති තනතුර අත්හැරයාම සඳහා සූදානමින් සිටී.

පසුගිය මරා පාලන සමයේ රාජපක්ෂ පරපුර වෙනුවෙන් එළිපිටම කඩේ ගිය රාජපක්ෂ හෙංචයියකු වන සෝමරත්න දිසානායක ඒ වෙනුවෙන් විශාල ලෙස ප්‍රතිලාභ ලැබීය. ඔහු පමණක් නොව ඔහුගේ බිරිඳද මරා පාලනය වෙනුවෙන් පෙනී සිටි අතර එයට සැලකිල්ලක් ඔහුගේ චිත්‍රපට ආදී ළමා වැඩ වෙනුවෙන් රජයෙන් විශාල ප්‍රතිලාභ ලැබිණි. 


ඔහුගේ චිත්‍රපට සඳහා රජයේ මාධ්‍ය මගින් නොමිලේ ප්‍රචාරණය ලබාදුන්නා පමණක් නොව ඒ වෙනුවෙන් විශේෂ වැඩසටහන් පවා විකාශය කෙරිණි. ඊට අමතරව ඔහුගේ චිත්‍රපට නැරඹීමට අධ්‍යාපන අමාත්‍යංශය හරහා පාසල්වලට විශේෂ නිර්දේශ යැවිණි.

මෙසේ එළිපිටම මරා පාලනය වෙනුවෙන් එළිපිටම කඩේගිය සෝමරත්න දිසානායක පසුගිය ජනාධිපතිවරණ සමයේ අවසාන භාගයේදී මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය දක්වන බව ප්‍රකාශ කළේය. 


සූර කපටියෙකු වන සෝමරත්න දිසානායක මරා පාලනයේ අවසානය ලඟාවී ඇති බව ඉවෙන් මෙන් දැනගෙන පැත්ත මාරුකළ අතර ඒ අනුහසින් ඔහු රූපවාහිනී සංස්ථාවේ සභාපති තනතුරට පත්විය.

0 comments:

Post a Comment