Pages

Subscribe:

Ads 468x60px

මෛත්‍රීගේ ඊයේ සවස සිදු කළ විශේෂ ප්‍රකාශය නිසා විශාල දේශපාලන ආන්දෝලනයක්


දිගු නිහැඬියාවක් බිඳ දමමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ සවස සිදු කළ විශේෂ ප්‍රකාශය නිසා ඉදිරි මැතිවරණය හමුවේ දේශපාලන ආන්දෝලනයක් හටගෙන තිඛෙනවා.

දිනුවොත් අගමැති පදවිය මහින්දට ලැබෙන්නේ නැති බවට හා එම පිරිස හෙළා දකින බවට මෛත්‍රී සිදු කළ ප්‍රකාශය නිසා එජනිස මැතිවරණ සටනේ අවසාන බලාපොරොත්තු ගැන පාක්ෂික විශ්වාසය බිඳ වැට්ටූ අතර එය එජාපයට වාසිදායක තත්වයක් උදාකර ඇත.


එජනිස සභාපතිවරයාගෙන් බලාපොරොත්තු විය නොහැකි එම පක්ෂය අමාරුවේ දැමූ සිදු නොකළ යුතු කථාවක් ජනපති කළේ යයි මේ වනවිට එජනිස මැතිවරණ සටන මෙහෙයවන්නන් ජනපතිවරයා විවේචනය

කරන්නට පටන්ගෙන තිඛෙනවා.

සවස ජනපතිවරයා පලූයන්නට මහින්ද පිලට බැණවදිමින් කළ කතාව නිසා කළකිරීමට පත්ව ඊයේ රාත්‍රී දඹුල්ලේ සිය නිවසේදී ජනක බණ්ඩාර තෙන්නකෝන් හිටපු ඇමතිවරයා මේ ගැන කියා සිටියේ

මම මේ ප්‍රකාශය කරන්නෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ උප සභාපතිවරයා හැටියටවත්, ඇමතිවරයෙකු හැටියටවත් නොවෙයි. පිරිසුදු ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙකු හැටියට. අද අපේ අතිගරු ජනාධිපතිතුමා පක්ෂයේ සභාපතිතුමා කියපු කතාව අහපුවාම මට මහත් කණගාටුවක් ඇති වුණා. මං එතුමාට හුඟක් ආදරය කරන ගෞරව කරන මනුෂ්‍යයෙක්. 


එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂසභාපතිවරයා හැටියට අපි අද ඉදිරිපත් වෙලා තියෙන මැතිවරණ වකවානුවේ එවැනි ප්‍රකාශයක් කිරීමෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බරපතළ අවාසියක් සිදුවන බවයි මගේ පෞද්ගලික අදහස.˜ යනුවෙනි.

මේ අතර මහමැතිවරණයට තරග වැදී සිටින එජනිස ජ්‍යෙෂ්ඨ අපේක්ෂකයින් පිරිසක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මිරිහානේ පිහිටි නිවසේදී ඊයේ (15) රාත්‍රී හිටපු ජනපති මහින්දද හවුල් කරගෙන විශේෂ සාකච්ඡාවක යෙදුණ බවද වාර්තා වුණා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ කළ විශේෂ ප්‍රකාශය සම්බන්ධයෙන්  සහ සිය ඉදිරි මැතිවරණ කටයුතු සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග ගැන මෙහිදී අවධානය යොමුවී ඇති අතර ඒ තීරණ තවම ප්‍රකාශයට පත් කර නැත. 


අභ්‍යන්තර තොරතුරු වාර්තා කළේ මෛත්‍රිපාල සිරිසේන තවදුරටත් ශ්‍රීලනිප හා එජනිස සභාපති තනතුරු වල තබාගන්නට හැකිද යන්න සාකච්ඡාවී ඇති බවයි. ඔහු ඉවත් කරන්නට හැකිනම් එසේ කළ හැක්කේ කෙසේද යන්න ගැනද අවධානය යොමුව ඇත.

මේ අතර ජනපතිගේ ප්‍රකාශයට ප්‍රතිචාර ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානය අද (15)දිනයේ මාධ්‍ය හමුවක් පැවැත්වීමට තීරණය කර ඇති බවද වාර්තා වුණා.


නාම යෝජනා දිනයෙන් අවසන් නොවුණ ශ්‍රිලනිප අර්බුදය තවදුරටත් ඉදිරියට ගෙන යන සෙයක් පෙනෙන්නට තිඛෙන අතර මැතිවරණයට සති හතරහමාරක් වැනි කෙටි කාලයක් තිබියදී මෙවැනි අවුල් සහගත තත්වයක් නිර්මාණයවීම එජනිස ප්‍රචාරක වැඩසටහනට අවාසිසහගතවී ඇත.

0 comments:

Post a Comment