Pages

Subscribe:

Ads 468x60px

ගෑණු කේස් එකකට ගුටි කාපු කි‍්‍රකට් ඇමතියෙක්


වරින් වර පක්ෂ ගණනාවක් නියෝජනය කරලා දැන් ආපහු නිල් පාටියට ඇවිල්ලා බරපතල විෂයක් භාරව ඉන්න ඇමති සයිස් මහත්තයෙකුට සම්භන්ධ කතාවක් මේක. දේසපාලන පවුලකින් පැවත එන මුන්නැහේ ටිකක් අමුතු පොරක් කිව්වොත් වැරදි නැහැ.

ලලනා කතන්දර නිසා ගොඩක් ප‍්‍රශ්න වලට මුහුණ දුන්න මුන්නැහේට ගිය සුමානේ මාර වැඩක් වෙලා. මෙතුමා කොළඹ කිට්ටුව තියෙන සුපිරි තට්ටු නිවාසෙක එක්තරා සුන්දර කෙනෙක් එක්ක ඉන්නවාය කියලා කාලයක් මේ රටේ බලයක් තිබුන නෝනා කෙනෙක්ට ඉරිසියාකාර පොරක්

ටෙලිපෝන් කරලා කිව්වලු.

මේක අහලා පරල වෙච්ච ඒ දේසපාලන නෝනා කතාව ඇත්තද බලන්න අපේ ඇමති සයිස් යාළුවා හොයාගෙන ප්ලැට් එකට කඩා වැදුනලු. අන්ති මේදී වැඩේ අතටම මාට්ටු. ඊළඟට අර බලවන්තිය මෙයාගෙ පරපුරේම ජාතකේ කිව්වලු. අරුන් කරපුවා උඹත් කරනවා මේවා මහ ජරා වැඩ ඕයි කියලා බැනෙගෙන බැනගෙන ගිහින් අන්තිමේදි ඇමතිගේ කණ රත්වෙන්න පාරවල් දෙක තුනක් ගැහුවලු.

කම්මුල් පාරවල් කාලා උනත් එකත්පස්ව කර කියාගන්න දෙයක් නැතුව හිටපු ඇමති සයිස් යාළුවට ඊළඟට අර බලවන්තිය අනතුරු ඇඟවීමකුත් කරලා.


තමුසෙ දැනගන්නවා මම තමුසෙ ගැනත් හුඟක් විස්වාසෙ තියලයි හොදම ආසනේකුත් දුන්නේ මේ ජරා වැඩ නැවැත්තුවේ නැත්තම් නොමිනේෂන් එකවත් දෙන්නෙ නැහැ. ඒක හොදට මතක තියාගන්නවා කියලා මිනිත්තු හතලිස් පහක් විතර එකදිගට බැනලා බැනලා පුපුර පුපුර ගියාලු.

0 comments:

Post a Comment