Pages

Subscribe:

Ads 468x60px

ලබන සඳුදා ගොඩ ගැනීමට නියමිත 'තාජුඩීන්ගේ සිරුර ඇත්තේ' මෙන්න මෙතැනයි (ඡායාරූප)


වර්ෂ 2015 මැයි මස සැකසහිත ලෙස පිළිස්සී එදිනම මුස්ලිම් පල්ලිය සුසාන භූමියේදී මිහිදන් කර තිඛෙන රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මෘත ශරීරය 2015/08/10 වන සඳුදා දින උදේ 7.00ට ගොඩගන්නට අද අධිකරණ අවසරය ලැබුණා. කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා එම තීන්දුව ගනු ලැබුවා.

මෘත ශරීරය ගොඩගෙන නැවත පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා රහස් පොලිසිය අධිකරණයෙන් ඉල්ලීම් කර තිබිණ. එසේ

ගොඩගන්නා සිරුර කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රධාන විශේෂඥ වෛද්‍ය අජිත් තෙන්නකෝන් සහ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ අතිරේක විශේෂඥ අධිකරණ වෛද්‍ය එස්. පී. ඒ. හේවගේ යන අධිකරණ වෛද්‍ය මණ්ඩලයක් විසින් නැවත පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතය.

2015/05/17 දින නාරාහේන්පිට පොලිස් වසමේ පාර්ක් පාරේ ශාලිකා ක්‍රීඩාංගණය අසල මාර්ගයේදී රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන් කාර් රථයක් තුළ සැකසහිත ලෙස පිළිස්සී මිය ගොස් සිටියේය.


මෙය දේශපාලන බලවතෙකුගේ පුතෙකු කළ ඝාතනයක් ලෙස සැකකරන නිසා එයට බලපෑම් ඇතිවේය යන අරමුණින් මෘත දේහය මිහිදන් කර ඇති ස්ථානයට 2015/7/31 දින සිට දෙහිවල පොලිස් ස්ථානයේ පොලිස් ආරක්ෂාව යොදවා තිබේ. 


තාජුඩීන්ගේ මරණය හදිසි අනතුරක්‌ නිසා සිදු වූවක්‌ බව එවකට පරීක්‍ෂණ පැවැත් වූ පොලිසිය වාර්තාවක්‌ ලබා දී තිබුණ ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කළ දැනුම් දීමට අනුව ඔහුව අමානුෂික අන්දමින් පහර දී ඝාතනය කර සිරුර මෝටර් රථයකට දමා ගිනි තබා තිබෙනවා.

වසීම් තාජුඩීන්ගේ දේහය තැන්පත් කර ඇති මුස්ලිම් දේවස්ථානයේ අදාළ ස්ථානයේ ඡායාරූප පහතින් දැක්වෙනවා.


 
 

0 comments:

Post a Comment