Pages

Subscribe:

Ads 468x60px

මිනිය සූට්කේස් එකේ දාගෙන වවුනියාවෙ ගෙනියන්න හිටිය අනියම් සැමියාගේ පාපොච්චාරණය මෙන්න.


පසුගියදා පිටකොටුව බැසිටියන් මාවතේ අනුරාධපුර බස් නැවතුම අසළදී ආන්දෝලනයක් ඇතිකරමින් සූට් කේසයක දමා තිබියදී හමුවූ කාන්තා මළ සිරුර එසේ දමාගිය බව කියන මියගිය කාන්තාවගේ අනියම් සැමියා බව පැවසෙන පුද්ගලයා ඊයේ මන්නාරම - කෝවිල්කුලම ප්‍රදේශයේදී
අත්අඩංගුවට පත්වීමෙන් පසු ඔහු එම ඝාතනය සිදු කළ බව පිළිගෙන පොලිසිය හමුවේ එය සිදු කළ ආකාරය ගැන පාපොච්චාරණයක් සිදු කර තිඛෙනවා.

ඔහුව අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු නිවසක පෙදරේරුවෙකු ලෙස
සේවය කරමින් සිට ඇත. මියගිය කාන්තාවගේ හිටපු සැමියා සමග ඇයට ප්‍රශ්න තිබී ඔහු ඇය හැරදමා වෙනත් කසාදයක් කරගෙන විදේශ ගතවූ පසු මෙම සැකකරු දීර්ඝ කාලයක් තිස්සේ ඇය සමග එකට ජීවත්වී ඇති අතර නීතියෙන් කසාද නොබැන්දත් එම සබඳතාව කෙරෙහි දෙපාර්ශ්වයේ විරෝධයක් තිබී නැත.


මේ දෙදෙනා යාපනයේ සිට කොළඹට පැමිණ ඇත්තේ මීට වසර තුනකට ඉහතදීය. ආමර්වීදිය, කඳාන යන ප්‍රදේශවල පදිංචිව සිටි මොවුන් රැකියාව ලෙස කර ඇත්තේ කුකුළු ගොවිපළ වල වැඩයි. 


කඳාන ප්‍රදේශයේ වාසය කරන කාලයේ සැකකරුට දාව මියගිය කාන්තාව දරුවෙකු ප්‍රසූත කර ඇත. පෙර විවාහයෙන්ද දරුවෙකු සිට එම දරුවා ඥාතීන්ට භාරදී සිටි මෙම කාන්තාව මේ අවස්ථාවේ දරුවා ලැබුණ පසු රාගම රෝහලේ දරුවා දමා පැනගිය බවද සැකකරු පාපොච්චාරණයේදී කියා ඇත. මෙයට හෙතුවී ඇත්තේ ඔවුන්ගේ දිළිඳුකමයි.

අනතුරුව කාන්තාව සැකකරු සමඟ දිවුලපිටිය ප්‍රදේශයේ වෙනත් කුකුළු ගොවිපොළක සේවය කර ඇත. එම කුකුළු ගොවිපොලේ හිමිකරු සමඟ ඇතිකරගත් ආරවුලක් නිසා ඔවුන් දෙදෙනාව එයින් පන්නා ඇති අතර ඒ නිසා ඔවුන්ට එකවර යාපනයට යාමට නොහැකිව රැකියාවක් සොයාගන්නා තෙක් හෙට්ටිවීදියේ තාවකාලික ලැගුම්හළක පදිංචියට පැමිණ තිබුණා.

එහි සතියක කාලයක් සැකකරු සහ ඝාතනයට ලක්වු කාන්තාව එහි රැඳී සිට ඇත. 29 වනදා උදෑසන ඔවුන් දෙදෙනා අතර නැවත රැකියාව ලබාගැනීම සම්බන්ධයෙන් ගැටුමක් හටගෙන තිඛෙනවා. දිවුලපිටිය කුකුළු ගොවිපොළ හිමිකරු කාන්තාවට පමණක් රැකියාව දෙන්නට කැමති බවට පණිවිඩ එවූ පසු ඒ එය වෙත තනිවම යාමට ඝාතනයට ලක්වු කාන්තාව ප්‍රතික්ෂේප කිරීම නිසා සැකකරු ඇය සමග ආරවුල් කරගෙන ඇත.

එම අවස්ථාවේ ලැගුම්හළ තුළදී සිදුකළ පහරදීමක් හේතුවෙන් කාන්තාව එකවරම මියගොස් ඇත. තමා දෙසට සෙරප්පුවකින් පහර දුන් මියගිය කාන්තාවට ප්‍රතිප්‍රහාර ලෙස පහර කිහිපයක් එල්ල කළ නමුත් ඇය මියයාවි යයි ඔහු සිතා නැත. නමුත් ඇගේ හිසේ නරක තැනකට පහර වැදීම නිසා මියගොස් ඇති බව ඔහු දැක ඇති අතර ඒ නිසා භීතියට පත්ව තිඛෙනවා.

තමා ඝාතනයට හසුවුවහොත් අනවශ්‍ය කරදර වේ යයි සිතූ ඔහු මළ සිරුර දෙකට නමා ගමන් බෑගයේ දමාගෙන වවුනියාවේ සහෝදරියකගේ නිවසකට යන්නට කල්පණා කර තිඛෙනවා.


පිටකොටුව - බැස්ටියන් මාවත බස් නැවතුම්පොළ වෙත ඔහු පිටත් වන්නේ ඒ අනුවයි. සැකකරු එම ගමන් බෑගයට අමතරව තවත් ගමන් මළු දෙකක් රැගෙන වවුනියාවට යන්නට පිටත්ව ඇත්තේ ත්‍රීරෝද රථයකිනි.


මළ සිරුර තිබූ ගමන් බෑගය බරින් වැඩි නිසා බස් නැවතුම්පොලේ තැබූ ඔහු අනතුරුව වවුනියාව බස් නවත්වන ස්ථානයට බස් එකක් තිබේදැයි බලන්නට ටිකකට යන්නේ නැවත එතැනට එන්නට සිතාගෙනය.


නමුත්  ඔහු නැවත මිනී ගමන් බෑගය රැගෙන ඒමට යන අවස්ථාව වන විට පුද්ගලයින් එතැන වටවී සිටිනු ඔහු දැක ඇත. එම ස්ථානයට පොලිසිය පැමිණ පරීක්ෂණ සිදු කරමින් විශාල පිරිසක් රැඳී සිටීම නිසා බියට පත් ඔහු එම ගමන් බෑගය අතට ගැනීම අතහැර දමා වවුනියාවේ සහෝදරියගේ නිවසට යාමට පිටත්වුණා.


එහි එික දිනක් සිටි ඔහු පසුව මන්නාරමේ පිහිටි ඥාතියෙකුගේ නිවසට ගොස් තිබුණි. අනතුරුව පෙදරේරු රැකියාව සඳහා ගොස් තිබුණ ඔහු පොලිසියේ පරීක්ෂණ අනුව අල්ලාගැනීමට හැකිවුණා. තමා එම කාන්තාව මරන්නට සිතා සිටියේ නැති බවත් ක්ෂණික කෝපය නිසා මේ ඝාතනය සිදුවූ බවත් පාපොච්චාරණය කර ඇත.

0 comments:

Post a Comment