Pages

Subscribe:

Ads 468x60px

ක්‍රිෂ්ණායි මගේ දුවයි අතරෙ සම්බන්ධයක් තිබුණා - යාපන කතගේ මව දුව ගැන විස්තර කියයි


පසුගියදා ආන්දෝලනයක් ඇති කරමින් පිටකොටුවේ බැස්ටියන් මාවත බස් නැවතුම්පොළේ සූට් කේසයක් තුළ අසුරා තිබී හමුවූ යාපනය ප්‍රදේශයේ කාන්තාවගේ මළ සිරුර සම්බන්ධයෙන් පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේදී මියගිය කාන්තාවගේ මව ඝාතක සැකකරුවා පිළිබඳ තොරතුරු රැසක් හෙළි කර තිබෙනවා.

යාපනයේ වඩුක්කෝඩෙයිහි පදිංචි තිස්තුන් හැවිරිදි ධර්මරාජන් කාද්තිකා නමැත්තියගේ මව ඒ සම්බන්ධයෙන් මෙසේ පවසා
තිබෙනවා.

මට දුවලා දෙන්නෙක් ඉන්නවා.මියගොස් සිටින්නේ මගේ වැඩිමහලූ දියණියයි. ඇය 2003 වර්ෂයේදී කොකුවිල් පදිංචි ආරුමෙයි රාසා රංගන් යන අය සමග විවාහ වුණා. එයාලාට දුවෙක් ඉන්නවා. එයාගෙ මහත්තයා හරියට අරක්කු බොනවා. දෙන්නා අතර ප්‍රශ්න තිබුණා. ඒ නිසා දෙන්නා

වෙන් වුණා. එයා පස්සෙ වෙනත් විවාහයක් කරගෙන රට ගියා. දරුවා හදා ගන්නේ මහත්තයාගේ ඥාති කෙනෙක්.

ඉන් පස්සේ 2011 වර්ෂයේදී දුව ක්‍රිෂ්ණා කියලා කෙනෙක් එක්ක සම්බන්ධයක් පටන් ගත්තා. එයා පදිංචි වෙලා හිටියේ මරදමඩු පාර මානිප්පායි ප්‍රදේශයේ. දුව එයත් එක්ක තමයි ජීවත් වුණේ.

මීට අවුරුද්දකට කලින් එයා කොළඹ ගියා. දුවටත් එන්න කියලා කියපු නිසා දුවත් කොළඹ ගියා. ක්‍රිෂ්ණා ගැන වෙන මොනවත් මම දන්නෙ නෑ. එයාගේ සම්පූර්ණ නමවත් මං දන්නෑ. දුව මට අන්තිමට කතා කළේ පසුගිය 28දා. ඒ දුව මැරෙන්න දවස් දෙකකට කලින්. 


එයා කිව්වා අම්මේ, මම රත්තරං මාලෙකුයි මුද්දකුයි ගත්තා. දැන් කරදරයක් නැතිව ජීවත් වෙනවා. දැන් ප්‍රශ්නත් අඩුයි කියලා. ඊට පස්සේ 30දා උදේ තමයි මම දැන ගත්තේ දුවට කරදරයක් වෙලා කියලා. 

ඝාතනය සම්බන්ධ සැකකරු තවම පොලිසිය අත්අඩංගුවට ගෙන නැත. පොලිසිය සිද්ධිය සම්බන්ධ ඉදිරි පරීක්ෂණ මෙහෙයවයි.

0 comments:

Post a Comment